HNDA සිසුන්ට වන්දි ගෙවන්නැයි මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයේදී ප්‍රහාරයට ලක්වූ උසස් ජාතික ගණකාධිකරණ සිසුන්ට වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිම...

https://www.sathhanda.com/2015/12/hnda.html

ඒ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් එම කොමිසම විසින් සිදුකළ පරීක්ෂණයට අදාළ වාර්තාව එළිදක්වමින්ය.
ඒ අනුව එම අවස්ථාවේදී පොලිස් ප්‍රහාරයට ලක්වූ සිසුවිය ඇතුළු තුවාල ලැබූ සිසුන්ට වන්දි මුදල් ගෙවන ලෙසට පොලීසියට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
පොලිස් පහරදිම හේතුවෙන් රෝහල්ගතව සිටි ශෂිනි කුමාරසිංහ ශිෂ්‍යාවට රුපියල් 25,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස මානව හිමිකම් කොමිසම අදාල වාර්තාව මගින් පොලිසියට නිර්දේශ කර තිබේ.
එමෙන්ම පහරදිම හේතුවෙන් තුවාල ලැබූ සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 08 දෙනා හට රුපියල් 15,000 බැලින් වන්දි මුලක් ගෙවන ලෙසද එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව සඳහන්ය.
අදාල සිදුවිමේදී වගඋත්තරකාර පොලිස් පාර්ශවයේ ක්‍රියාකාරකම්හි වෘත්තිය මට්ටමේ විශාල ඌනතා ඇති බව මානව හිමිකම් කොමිසන් සභා වාර්තාවෙන් පෙන්වා දෙයි.
එමගින් තවදුරටත් නිර්දේශ කරන්නේ උද්ඝෝෂණයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති නිලධාරින් හදුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකුලව කටයුතු කිරිමටයි.
මේ සම්බන්ධයෙන් ලබන වසරේ මාර්තු මස පළමු වෙනිදාට පෙර මානව හිමිකම් කොමිසන් සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නිර්දේශ කර තිබේ.
පහරදිම සිදු කළ පොලිස් නිලධාරින්ට නියෝග ලබාදුන් නිලධාරින් හට මෙන්ම එම ක්‍රියාවලිය අධීක්ෂණය කළ නිලධාරින්ට ද සුදුසු විනයාකුල පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසන් සභාව සිය වාර්තාවෙන් නියෝග කරයි.
එමෙන්ම මෙවැනි ගැටළුකාරි තත්ත්වයක් වලක්වා ගැනිම සඳහා රාජ්‍ය බලධාරින්ගේ ද වගකීමක්ව තිබූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව අදාල විමර්ශන වාර්තවෙන් අවධාරණය කරයි.
ප්‍රථමවරට උද්ඝෝෂණය පැවැති දිනයේ ද දෙවන දිනයේ මෙන් ශිෂ්‍යයින් හට උසස් අධ්‍යාපන බලධාරින් සාකච්ඡාවක් ලබා දුන්නේ නම් මෙවැනි ගැටළුකාරි තත්ත්වයකට මුහුණදීමෙන් වැලකිසිටිමට හැකියාව තිබූ බව එම වාර්තාවෙන් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.
උසස් ජාතික ගණකාධිකරණ සිසුන් පිරිසක් ඔවුන්ගේ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පසුගිය දා විරෝධතාවයක නිරත වූ අතර පොලීසිය මැදිහත්වීමෙන් එම සිසුන් පළවා හරින ලදී.
Related