ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රහාරයේ වගකීම IS බාරගනී
ඇමෙරිකාවේ කැලිෆෝනියා හි සැන් බෙරන්ඩිනාහිදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම තම අනුදැනුමින් සිදුවූවක් බව IS ඉස්ල...

https://www.sathhanda.com/2015/12/is.html
ඇමෙරිකාවේ කැලිෆෝනියා හි සැන් බෙරන්ඩිනාහිදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම තම අනුදැනුමින් සිදුවූවක් බව IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් නිවේදනය කර තිබේ.
ඇමෙරිකානු එෆ්.බී.අයි. ආයතනය මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව කර ඇති අතර, මීට සම්බන්ධ 28 හැවිරිදි සයිඩ් රිස්වාන් ෆාරුක් සහ ඔහුගේ බිරිඳ ලෙස සැලකෙන 29 හැවිරිදි ටෂ්ෆීන් මලික් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් එම අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වූහ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මොවුන් දෙදෙනා ඇමෙරිකාවේ පුරවැසියන් බවය. එමෙන්ම, ඔවුන් එරට අධ්‍යාපනය ලබමින් සිටි බවද කියැවෙයි.
මේ සමගම ඇමෙරිකාවට අනතුරු අඟවමින් සිටි ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඇමෙරිකාව තුළද තම ප්‍රහාර මාලාව ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
Related