ඇඹිලිපිටියේ සිද්ධිය - ASP- HQI වහා අත්අඩංගුවට ගන්නැයි නියෝග!
ඇඹිලිපිටියේ සාදයක් අතරතුරදී එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි...

https://www.sathhanda.com/2016/01/asp-hqi.html
ඇඹිලිපිටියේ සාදයක් අතරතුරදී එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිව සිටි ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ. ඩයස් ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි උසාවිය රහස් පොලීසියට නියෝග කර තිබේ.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වේලාවකට පෙර මෙම නියෝගය ලබාදුන් බව නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පැවසීය.
ඒ අනූව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සෙසු පොලිස් නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය 4දා රාත්‍රී ඇඹිලිපිටිය නවනගරයේ නිවසක පැවැති සාදයක් අතරතුර පොලීසිය සමග ඇතිකර ගත් ගැටුමකින් තුවාල ලබා සිටි සුමිත් ප්‍රසන්න ජයවර්ධන මියගිය අතර මෙම සිද්ධිය ගැන ජනමාධ්‍යයෙන් ලබාදුන් දැඩි ප්‍රචාරය හමුවේ ඉහත නම් සඳහන් කළ උසස් නිලධාරීන් ඇතුළු පිරිසකට ස්ථාන මාරු ලබාදෙන ලදී.
Related