පවුකාරයාගේ පාපොච්චාරණය
සේයා සදෙව්මි බක්‌මීදෙණිය දැරියගේ නිවස තමන්ට හමුවූවේ ඉබාගාතේ යද්දී බව ඇයව දූෂණය කර මරා දැමීමේ චෝදනා ලැබූ සමන් ජයලත් පවසනවා. මීගමුව මහා...

https://www.sathhanda.com/2016/01/blog-post_353.html
සේයා සදෙව්මි බක්‌මීදෙණිය දැරියගේ නිවස තමන්ට හමුවූවේ ඉබාගාතේ යද්දී බව ඇයව දූෂණය කර මරා දැමීමේ චෝදනා ලැබූ සමන් ජයලත් පවසනවා.
මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ සාක්‍ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළා.සමන් ජයලත් ලබා දුන් සාක්ෂිය පහතින් දැක්වෙනවා.
"මම ඉබාගාතේ දිගටම යද්දි තමයි පැහැරගත් සේයා සදෙව්මි දැරිය සිටි නිවස හමුවුණේ. ගේ ඇතුළේ තිබුණු ලයිට් එළියෙන් මම දැක්‌කා කාන්තාවක් (සේයා සදෙව්මිගේ මව) රූපවාහිනී බල බල ඉන්නවා. ඇය ඒ වෙලාවෙ සිටි ආකාරය දැකීමෙන් මගේ කාමුක හැඟීම් ඇවිස්‌සුණා.
මට කොහොම හරි ඕනවුණා එම කාන්තාව සමඟ ලිංගිකව එක්‌වෙන්න. ඒ අනුව පැය 2 1/2 ක් පමණ පසුවනතුරු මම නිවස අසල තිබුණ පඳුරක් තුළ සැඟවී සිටියා.
පසුව ඒ නිවසේ ජනේල පිළිබඳව විපරම් කරද්දී නිවසේ ජනේලයක් දැක මම නිවසට දැඩි කළුවරේ ඇතුළු වුණා. මට උවමනා වී තිබුණේ මම දුටු කාන්තාව සමඟ හොඳින් හෝ නරකින් කායිකව එක්‌වීමයි. මම ජනේලය තුළින් ඇතුළට ගිය වෙලාවෙ කළුවරේම මාව ඇඳක ගැටුණා. ඒ ඇඳේ ළමයෙක් ඉන්න බව මට වැටහුණා. මම ඒ ඇඳේ දාල තිබුණ මදුරු දැල ඉවත් කරල ඇඳට ගොඩවෙලා නිදා සිටි ළමයා ඇඳ සිටි යට ඇඳුම ගලවලා ගැහැනු ළමයෙක්‌ද පිරිමිදැයි පරීක්‍ෂා කර බැලුවා.
එයා ගෑනු ළමයෙක් බව මට දැනුණ වහා එම දැරිය වඩාගෙන පපුවට තුරුල් කරගෙන මා නිවසට ඇතුළු වූ ජනේලයෙන්ම පිටතට පැමිණියා. "
Related