රිදියගම ජලාශයෙන් මළ සිරුරක් මතුවෙයි
අම්බලන්තොට,රිදියගම ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ. අම්බලන්තොට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාළ මළ සිරුර ස...

https://www.sathhanda.com/2016/01/blog-post_924.html
අම්බලන්තොට,රිදියගම ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.
අම්බලන්තොට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයා ගත් බව පොලීසිය පවසයි.
මරණකරු 38 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
ජලාශය අසළ තිබූ ජංගම දුරකථන 02ක් සහ ඇඳුම් කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පශ්චාත් මරණ පරික්ෂණය අද(30) සිදු කිරිමට නියමිත අතර අම්බලන්තොට පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
Related