තෙල් මිල අඩු නොකර අගමැති සල්ලි ඉන්දියාවට පටවනවා - වී මිල 17 යි
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය අයි.ඕ.සී සමාගම හරහා ඉන්දියාවට යන බවත්, ඊට වගකිව යුත්තේ එහි කතෘ වන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත...

https://www.sathhanda.com/2016/02/17.html
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය අයි.ඕ.සී සමාගම හරහා ඉන්දියාවට යන බවත්, ඊට වගකිව යුත්තේ එහි කතෘ වන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියයි.
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවි කිරීමේදී තරඟකාරිත්වයක් ඇති කිරීම සඳහා අයි.ඕ.සී සමාගම මෙරට තුළ ස්ථාපිත කිරීමට වික්‍රමසිංහ මහතා ඉඩදීමෙන් තෙල් මිල පහත වැටී ඇති අවස්ථාවක එහි වාසිය කෝටි ගණනින් දැන් ඉන්දියාව වෙත ඇදෙමින් තිබෙන බව ඔහු පෙන්වාදෙයි.
වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද (23) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එට්කා ගිවිසුම හරහා අඩු කුලී හමුදාවක් රට තුළ හැදීමට යන බවත්, මේ නිසා ජී.එම්.ඕ වෘත්තීය සමිතිට බැණ වැදීම අසාධාරණ බවත්, පැවසූ මන්ත්‍රීවරයා අගමැතිගේ කටේ හයියෙන් මේවා කළ නොහැකි බවද ජනතාව සංවිධානය වීමෙන් එම හයිය යටපත් වනු ඇතැයිද, කියා සිටියේය.
මාධ්‍ය හමුව ඇමතු හිටපු අමාත්‍ය තිස්ස විතාරණ පැවසුවේ දිනෙන් දින බඩු මිල ඉහළ යමින් ඇති බවයි.
රට දිනෙන් දින ප්‍රපාතයට යමින් ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවී "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයිද පැවසීය.
සාමාජවාදී ජනතා පෙරමුණේ රාජා කොල්ලුරේ ද අදහස් දක්වමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයාව සිටියදී ඔහු ගැන පැහැදීමක් තිබූ බවයි.
එහෙත් ඔහු අගමැතිවීමෙන් පසු කරන කියන දෑ අනූව, මාධ්‍ය විවේචනය කිරීම අනූව එම පැහැදීම නැති වී ඇතැයි හෙතෙම පැවසීය.
අද වන විට වී කිලෝවක් රුපියල් 17ටවත් දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද ඔහු කියා සිටියේය.
Related