ජනපතිගේ අඹු-දරු දෙනහස උතුරයි - බිරිඳ, පුතා ඇතුළු 25ක් සමඟ ජර්මනියේ සංචාර අරඹයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පෙරවරු 9.25ට ජර්මනිය බලා පිටත් විය. කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 665 දරණ...

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පෙරවරු 9.25ට ජර්මනිය බලා පිටත් විය. කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 665 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපති සමග ජනපති බිරිද, ජනපති පුත් දහම් සිරිසේන, ඒ වගේම මලික් සමරවික්‍රම, දයා ගමගේ ඇතුළු ඇමතිවරු සහ 25කුගෙන් යුතු කණ්ඩායමක් පිටවත්ව ගොස් ඇති බවයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග කියා සිටී.

 ශ‍්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර ජර්මනියේදී ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධාන කර ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ලබන 17 වනදා ජනාධිපතිවරයා වෙනුවෙන් ජර්මානු රජයේ උත්තමාචාර පිළිගැන්වීමේ වැඩසටහනක්ද පැවැත්වෙන අතර ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

කලින් වාර්තා වුයේ ජනපතිවරයාගේ යම් රහසිගත ප්‍රතික්කාර ලබාගැනීමක්ද මෙහෙදී සිදුකිරීමට නියමිත බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5959736411062212902

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item