අභයාරාමයේ දේශපාලන කටයුතු නවත්වන ලෙස ඉල්ලා පෙත්සමක්
නාරාහේන්පිට අභයාරාම විහාරයේ දේශපාලනික සහ වෘත්තීය සමිති කටයුතු සිදු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පත්බේරිය විමලඥාන හිමියන් ...

https://www.sathhanda.com/2016/02/blog-post_39.html
එම පන්සලේ නායකත්වය සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමන් බවත් පත්බේරිය විමලඥාන හිමියන් සඳහන් කරයි.
මේ වනවිට එම විහාරස්ථානයේ සිටින නායක ස්වාමීන් වහන්සේ යටතේ දේශපාලන සහ වෙනත් ආර්ථික කටයුතු සඳහා එම පන්සල භාවිතා කරන බවත් එමගින් විහාරස්ථානයේ කීර්ති නාමයට හානි සිදුවන බවත් උන්වහන්සේ එම පෙත්සම මගින් පෙන්වා දේ.
පෙබරවාරි මස 15 වැනි දා එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.
Related