රාජිතට අද සැත්කමක්
සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට අද (24 වැනිදා) ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිතය. රුධ...

https://www.sathhanda.com/2016/02/blog-post_417.html
සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට අද (24 වැනිදා) ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිතය.
රුධිර නාල දෙකක පවතින අවහිරතාවක් හේතුවෙන් මෙම ශල්‍යකර්මය සිදුකරන බව සෞඛ්‍ය ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක පැවසීය.
මෙය හදිසි ශල්‍යකර්මයක් නොවන බව ද, රුධිර නාල දෙකක ඇති වූ අවහිරතාව කලින් සොයා ගැනීම නිසා තත්ත්වය බරපතළ නොවූ බවට වෛද්‍යවරු ප්‍රකාශ කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. එසේම මේ වන විට රාජිත සේනාරත්න ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ද නිපුන් ඒකනායක වැඩිදුරටත් පැවසීය.
Related