ඇමති පට්ටමේ බලය මදි, රවී කබීර්ගේ බලයට විදලා - කබීර් හෂීම් පෙරලියකට සුදානම්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්ට ප්‍රබලම කැබිනට් ඇමැති ධුරයක් ලැබී තිබුණ ද එය නමට පමණක් සීමා වූ ඇමැතිකමක් වීම නිසා ඔහු ඊට එරෙහි...

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්ට ප්‍රබලම කැබිනට් ඇමැති ධුරයක් ලැබී තිබුණ ද එය නමට පමණක් සීමා වූ ඇමැතිකමක් වීම නිසා ඔහු ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

මෙම ඇමැති තනතුරට අදාළව ආයතන වෙන් කිරීමේ දී රාජ්‍ය බැංකු ඇතුළු ප්‍රබල රාජ්‍ය ආයතන තිස් ගණනක් අයත්ව තිබිණි.

එහෙත් හෂිම්ට මේ වන තෙක් තම විෂය පථය යටතේ ඇති කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හෝ එකදු සංස්ථාවක හෝ නිලධාරියකු පත් කර ගැනීමට හෝ හැකියාවක් ලැබී නොමැත.

එම ආයතනයන්හි ඉහළ තනතුරු දින සියයේ ආණ්ඩු සමයේ දී මුදල් ඇමැති රවී කරුණානායක විසින් පුරවනු ලැබූ නමුත් මහ මැතිවරණයෙන් පසු වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ දී අගමැතිවරයා හෂිම්ට දැනුම් දී තිබුණේ ඊට සුදුසු පුද්ගලයන් පත් කර ගන්නා ලෙසය.

එහෙත් රවී කරුණානායක මහතා විසින් පත් කරනු ලැබු කිසිදු නිලධාරියකු එම තනතුරුවලින් ඉවත් නොවූ අතර මේ සම්බන්ධයෙන් හෂීම් මහතා කරුණනායක මහතාගෙන් කළ විමසීමක දී පවසා ඇත්තේ එම නිලධාරීන් කිසිවකු හෝ ඉවත් නොකරන ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවය.

මේ තත්ත්වය මත බොරු කියන්නේ අගමැතිවරයා ද කරුණානායකද යන්න තෝරාගත නොහැකි බැවින් ඉදිරි සතිය තුළ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව කබීර් හෂීම් තම හිතවතුන් සමඟ පවසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 286317629026633616

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item