කුමන තර්ජන ආවත් ශ්‍රී ලංකාවේ අගතියක් සිදුවිය හැකි ඕනෑම කාරණයකදී ඊට විරුද්ධව කටයුතු කිරීමට අපි පසුබට නොවේ

තම සංගමය කෙරෙහි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දක්වන එදිරිවාදී පිළිවෙත සියලූම වෛද්‍යවරුන්ගේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බව රජයේ වෛද්‍ය නිල...

තම සංගමය කෙරෙහි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දක්වන එදිරිවාදී පිළිවෙත සියලූම වෛද්‍යවරුන්ගේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පක්ෂ දේශපාලනයෙන් තොර විද්වත් වෘත්තිය සංවිධානයකි. වෛද්‍යවරුන්ගේ සුබසාධනය සහ වෘත්තීය අභිවෘද්ධිය පමණක් නොව රටේ මහජනතාවගේ සෞඛ්‍යයට බලපාන ඕනෑම කාරණයකදී අපගේ දායකත්වය නිරන්තරයෙන් අපි ලබා දෙමු.

සංගමයේ සියලූ තීන්දු තීරණ ඉතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ශාඛා සමිති 106ක නියෝජිතයන්ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබයි. අපගේ මම ස්වාධීන තීරණ බලයේ පවතින රජයන්ට සමහර විට රාජ්‍ය විරොධී ලෙස පෙනෙන්නට පුළුවන. එවිට අප සංගමයට රාජ්ය විරොධී ලේබලය අලවනු ලබයි. එකග විය හැකි කරුණු කාරණා වලදී පවතින රජය සමග සහයෝගයෙන් කටයුතු කරන විට විපක්ෂය විසින් රාජ්‍ය ගැති ලේබලය අලවනු ලබයි. මෙය කුමන රජයක් බලයේ සිටියද අප සංගමය නිරතුරුව මුහුණ දෙන තත්ත්වයකි.

කෙසේ වෙතත් අප දන්නා ඉතිහාසයේ විවිධ අමාත්‍යවරු අප සංගමයට අපහාස කළත් රටේ දේශපාලන නායකත්වය අප සංගමයට සෘජුවම පහර දීමට හෝ තර්ජනය කිරීමට දායක වී නැත.

නමුත් වර්තමානයේ ගරු අග‍්‍රාමාත්‍යතුමා අප සංගමය කෙරෙහි දක්වන එදිරිවාදී පිළිවෙත සියලූම වෛද්‍යවරුන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත. එතුමා පුළුල් දැක්මක් ඇති මහත්මා දේශපාලකයකු බවට වෛද්‍යවරු තුල තිබු විශ්වාසය මෑතක සිට මෙවැනි ප‍්‍රකාශ නිසා පළුදු වෙමින් පවතී.

වෘත්තියවේදීන්ගේ සංගමයට තම විද්වත් මතය ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් වටහාගනු ඇතැයි අප විශ්වාස කරමු. එසේම වෛද්‍යවරු අතර තමන්ට තිබූ ප‍්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමටද එතුමා සැලකිලිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

කුමන තර්ජන මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට හෝ අප සාමාජිකත්වයට අගතියක් සිදුවිය හැකි ඕනෑම කාරණයකදී ඊට විරුද්ධව කටයුතු කිරීමට අපි පසුබට නොවන බව අවධාරණය කරමු.

වෛද්‍ය නලින්ද හේරත්
ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2272308084205618176

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item