යහපාලනය සොහොන් හාරා මහින්දගේ රත්තරන් හොයයි [PHOTOS]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි ගේ බිරිඳට අයත් බව පැවසෙන ඉඩමක් අද ආරක්...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි ගේ බිරිඳට අයත් බව පැවසෙන ඉඩමක් අද ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවකට ලක් කර තිබේ.

අප කළ විමසීමකදී වන්නිආරච්චි පැවසුවේ තම බිරිඳගේ පියාගේ දේහය මිහිදන් කළ වීරකැටිය, අත්තනයාල ප්‍රදේශයේ පිහිටි සොහොන් බිමක් ආසන්නයේ මෙලෙස බැකෝ යන්ත්‍ර යොදා කැනීමට ලක් කර ඇති බවයි.

අද පෙරවරු දහයට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මෙහි කැණීම් සිදුවූ බව අප වාර්තාකරු පැවසුවේය.

කැණීම් සිදුවන ආකාරය බලා ගැනීමට ප්‍රදේශවාසීන්ද රැස්ව සිටි අයුරු දැකගත හැකි විය.

මේ අතර පොලිස් ආරංචි මාර්ග පැවසුවේ එම ඉඩමේ වළදමා ඇතැයි සැකකරන රත්‍රං හා මුදල් සෙවීම සඳහා මෙම කැණීම් කළ බවයි.

අද පස්වරු 03 පමණ වන විට එහි වළවල් දෙකක් හරා ඇති බවත්, එවායේ තිබී ඉහත කී කිසිවක් හමුනොවූ බවත්, එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

අද පස්වරු 4 පමණ වන විට එම කැණීම් කටයුතු නතර කර ඇති අතර පොල් වගාකර ඇති ඉඩමක මෙලෙස කැණීම් සිදුවූ බව අප වාර්තාකරු කීවේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ලබාගත් අවසරයක් අනූව කැණීම් සිදුකළ බව පැවසෙයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4526845486708803876

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item