ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයින්!

අයි.එස්‌.අයි.එස්‌ ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි වාර්...

අයි.එස්‌.අයි.එස්‌ ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

අයි.එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.

ගලේවෙල ප්‍රදේශයෙන් ගොස්‌ අයි.එස්‌.අයි.එස්‌ සංවිධානයට බැඳුණු පුද්ගලයකු පසුගියදා හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්‌විය.

අයි.එස්‌ සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් සෙවීම සඳහා ක්‍රමවත් විමර්ශනයක්‌ ආරම්භ නොකිරීමෙන් ඉදිරියේදී ජාතික ආරක්‍ෂාවට ද විශාල තර්ජනයක්‌ එල්ල විය හැකි බව ත්‍රස්‌ත මර්දන විශේෂඥයෝ කියා සිටිති.

අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ වෙබ් අඩවි 60 ක්‌ තහනමට ලක්‌ වී නැති අතර එම වෙබ් අඩවි වෙත තවදුරටත් ප්‍රවිෂ්ටවීමට මෙරට අයි.එස්‌ අනුගාමිකයන්ට හැකි බව ඉහළ පෙළේ හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

මේ හැර මාලදිවයිනේ සිට රෙදි මිලයට ගැනීමේ වේශයෙන් පැමිණෙන පිරිස්‌ ගැන ද අවධානය යොමු වී ඇත.

මාලදිවයින රජය මේ වනවිට අයි.එස්‌ ක්‍රියාකාරීන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ හරහා විදේශගත වීමට සැලසුම් කර තිබූ බව හෙළි විය.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන්නේ කොලන්නාව, සාලමුල්ල, දෙහිවල, කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ ද අයිඑස්‌ අනුගාමිකයන් සිටින බවයි. අයිඑස්‌ අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගියදා විමර්ශන වාර්තාවක්‌ රජයට ඉදිරිපත් කරමින් අනතුරු අඟවා තිබිණි.

මේ අතර සිරියාවේ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට සම්බන්ධ වී මෙරට අනුගාමිකයන් 45 ක්‌ සිටින බවට වාර්තා වී ඇත.

(දිවයින)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5518282454671905418

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item