රාජගිරිය අනතුරේ තරුණයාගේ තත්වය බරපතලයි - ජාතික රෝහල් අධ්‍යක්ෂක
රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී අමාත්‍ය පා. ච. රණවකගේ ජීප් රථයේ හැපීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකය...

https://www.sathhanda.com/2016/03/blog-post_20.html
රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී අමාත්‍ය පා. ච. රණවකගේ ජීප් රථයේ හැපීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සන්දීප් සම්පත් (24) තරුණයාගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
පසුගිය 24 වැනිදා රාත්‍රි සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සන්දීප්ගේ මොළයට අභ්‍යන්තර රුධිර වහනයක් වී ඇති බවත්, සිහියක් නොමැතිව සිටින බවත් පැවසීය.
මේ අතර සන්දීප් සම්පත් තරුණයා අනතුරට ලක් කළ වාහනය පැදවූ ඇමැති පා. ච. රණවක බව ප්‍රකාශ කරමින් සිද්ධිය ඇසින් දුටු ගයාෂාන් විනුර හා මොහොමඩ් සුෆායි යන තරුණයන් දෙදෙනා පොලිස්‌පතිවරයාට පසුගිය 04 වැනිදා දිවුරුම් ප්‍රකාශ 2 ක් භාර දී තිබේ.
අනතුර සිදු වූ අවස්‌ථාව හා එහිදී වාහනය පැදවූ රියෑදුරු කටයුතු කළ ආකාරයත්, ඉන් අනතුරුව වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ල සටහන් කරගත් ආකාරයත් ගැන එම තරුණයන් දිවුරුම් ප්‍රකාශ දෙක මගින් පොලිස්‌පතිවරයාට කරුණු පැහැදිලි කර ඇත.
Related