හයිඩ් පිටියේ උදය වැටුනේ ඇයි සහ නොරොච්චෝලේ ගැන නොදත් විදුලි ඉංජිනේරුවා

  "මාර්තු 17 වෙනිදා හයිඩ් පිටියට පැමිණ ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන දැවැන්තම රැලියේ සාක්ෂි කරුවන් බවට පත්වුනු ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අ...

 
"මාර්තු 17 වෙනිදා හයිඩ් පිටියට පැමිණ ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන දැවැන්තම රැලියේ සාක්ෂි කරුවන් බවට පත්වුනු ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අපේ ප්‍රණාමය පුදකරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අපිට මතකයි නුගේගොඩ රැලියේදිනම් කොටු අදිමින් ගණන් හදමින් සෙනග 5000 වත් හිටියේ නෑ කියමින් කෑ ගැසු ටොයි සමාජය මෙදා නිහඩ වී ඉන්නවා සිය පරාජය පිළිගනිමින්. " යයි නීතිඥ උදය ගම්මන්පිල පැවසුයේ අද පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් වූ ඔහු,

තරුණ අපිට රැකියා දීමට බාදා නොකරනු කියමින් එජාපය විසින් ආච්චිලා සීයලා පෙළපාලියකට අරන් ගියා. එජාපයට හයිඩ් පිටිය පිරෙන්න නෙමෙයි ලිප්ටන් වට රවුම පුරවන්න වත් තරුණයන් නෑ කියල රටට පෙන්නපු ඒ රැලිය සංවිධානය කරපු එජාපයේ මහත්වරුන්ට අපි අපේ ප්‍රණාමය පුද කරනවා.

ඇතැම් මාධ්‍ය ආයතන වලටනම් එදා හයිඩ් රැලියේ ප්‍රවෘත්තිය බවට පත්වුනේ රැලියට ආපු අතිවිශාල ජන ගගවත්, ඒ සදහා ඉතිහාසයේ නොවූ විරු ලෙස සහභාගි වූ පක්ෂ ගණනත් නෙවෙයි. උදය ගම්මන්පිල වේදිකාවේ ඇද වැටීම.

එදා ඇත්තටම වුනේ මගේ නම කියල මට කතාවක් පැවැත්වීමට ආරාධනා කලාම අති විශාල ජනතාවක් ප්‍රීති ඝෝෂා නගන්න වුනා. ඉතින් ඔවුන් දෙස නොබලා ඔවුන්ට ආචාර නොකර නොගියොත් ජනතාව මා ආඩම්බර කාරයෙකු ලෙස දකින්න පුළුවන්. ඒ නිසා මම ඔවුන් දෙසට හැරී ආචාර කරමින්ම වේදිකාව දෙසට ඇවිදගෙන ගියා.

එදා වේදිකාව මත තවත් කුඩා උස් වේදිකාවක් තනා එය මත තමයි පෝඩියම් එක තබා තිබුනේ. මම ජනතාවට ආචාර කරමින් ආ නිසා එය නොදැක මගේ පාදය එහි පැටලී මා වැටුනා. එහෙත් මා වැටුණු ක්ෂනිකයෙන් නැගී සිටියා. ඒ නිසා මා වැටුනු බව බොහෝ දෙනෙක් දැන සිටියේ නෑ. නාලිකා දෙකක හෝ තුනක මේ සිදුවීමට පුළුල් ප්‍රචාරයක් ලබාදීම නිසා රාත්‍රී ප්‍රවෘත්ති බලන විට තමයි බොහෝ දෙනෙක් එය දැක ඇත්තේ.

ඉන්පසුව තමයි හිටපු ජනපතිතුමන්, විමල් වීරවංශ මන්ත්‍රිතුමන්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමන් දුරකතනයෙන් අමතමින් ඇහුවේ මොකක්ද මේ සිද්ධිය කියලා. චීන මහා දාර්ෂනික කොන්ෆියුසියස් තුමන් කියල තියෙනවා සැබෑ අභිමානය වෙන්නේ කිසිදිනෙක නොවැටී සිටීම නොව වැටෙන සෑම අවස්ථාවකම ක්ෂණිකව නැගී සිටිමේ හැකියාවයි කියල.

වැටුනු සැනින් නැගී සිටීමේ ඒ සටන් කාමී ජීව ගුණය මට මෙන්ම අපේ ඒකාබද්ධ විපක්ෂයටත් තියෙනවා. ජනවාරි 08 අපි ඇදගෙන වැටුනා. නමුත් පෙබරවාරි 18 අපි නැවතත් නැගී සිටියා. අපි අගෝස්තු 17 වෙනිදා ඇද වැටුනා. නමුත් ඉතාමත් ශක්ති සම්පන්නව මාර්තු 17 වෙනිදා යලි නැගිට්ටා.

මගේ මුහුණ කිසි දිනෙක නොපෙන්නවන ඇතැම් රූපවාහිනී නාලිකා මේ ඇද වැටීමනම් වරින් වර පෙන්නුවා. ඒ නිසා මම තීරනය කලා ඉදිරි රැලි වලදීත් ඇද වැටෙන්න. එත කොට ඒ නාලිකා මාව පෙන්නාවි. ඉතින් ඒ රාජ්‍ය මාධ්‍ය මට ඒ ලබාදුන් ආවරනය පිළිබදව ඊයේ දිනයේ නාට්‍යයක් නරබන්නට ගිය මොහොතක මට හමුවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් මා කිව්වා. මා වැඩි දුරටත් එතුමන්ට කිව්වේ ඉදිරි සෑම ජන සටන රැලියකම මා ඇද වැටී රජයේ නාලිකාවලත් ඇතැම් පුද්ගලික නාලිකාවලත් ප්‍රවෘත්තියක් බවට පත්වන බවයි.

කොටගොඩ වාවීස්වර හිමි, ලබුදුවේ සිරිධම්ම හිමි, ගංගොඩවිල සෝම හිමි, මාදුළුවාවේ සෝභිත හිමි සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩ නැගූ හිමිවරුන් එජාප රජයන් තුල මිය යෑම අභිරහසක්

පසුගියදා පුජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින්වහන්සේආන්දෝලාත්මක ප්‍රකාශයක් කරලා කිව්වා අපේ මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින්වහන්සේ අපවත් වුණා නෙවෙයි අපවත් කළා. ඊට පස්සේ උන්වහන්සේ මට පන්සලට එන්න කියලා උන්වහන්සේ දන්න සියල්ල මට පැවැසුවා. මොකක් ද ඇත්තටම වුණේ අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වැඩිපුරම දායක වුණ තනිපුද්ගල සාධකය තමයි පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින්වහන්සේ. උන්වහන්සේ වසර 30ක් 40ක් තුල මේ සිංහල සමාජය තුල ගොඩනගා තිබුණු දැවැන්ත පෞරෂත්වය සිංහල විරෝධි ලෙස හංවඩු ගැසි සිටිය රනිල් චන්ද්‍රකා දෙදෙනා එකට සිටින දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය දෙන්න හිත හදා ගන්න මේ රටේ පාවෙන ඡන්ද දායකයන් පෙළබුනේ උන්වහන්සේ ඒ වෙනුවෙන් පෙනි සිටිය නිසා.

අපි දන්නවා උඩුවේ ධම්මාලෝක ස්වාමින්වහන්සේ කියන්නේ තමන්ගේ තරුණ ජිවිතය නාග විහාරයේ මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේගේ ගුරු හරුකම් ලබමින් ජිවත් වුනු ස්වාමින්වහන්සේ නමක් නිසා සමිප සම්බන්දයක් තිබුණා. උන්වහන්සේ කියනවා මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින්වහන්සේ බලන්න ගිය සැම වේලාවක දීම උන්වහන්සේ හිටියේ ආණ්ඩුව පිළිබද දැඩි කලකිරීමකින් කියලා. ඒ වගේම සනීප වුණු ගමන් මේ ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න ඔනේ කියන ස්ථාවරයක. උන්වහන්සේ බැලීමට එන සියළු දෙනාටම කතා කරලා තියෙන්නනේ ආණ්ඩුව පිළිබද දැඩි කල කිරීමකින්. ඒ විතරක් නෙවෙයි මට මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා වටිනාපහ සෝමානන්ද ස්වාමින්වහන්සේ සෝභිත හිමියන් බලන්න ගිය වේලාවේ මහින්ද මහත්තයාව දුරකථනයට ගන්න කියලා අහලා තියෙන්නේ මහත්තයා එන්නේ නැද්ද අපිව බලන්න කියලා. ඒ අනුව මහින්ද මහත්තයා හමුදුරුවෝ බලන්න යනවා හාමුරුවෝ මහින්ද මහත්තයාගේ අත් දෙක අල්ලන් කිව්වේ මහත්තයෝ අපිට වැරදුනා කියලා. සෝභිත හාමුරුවෝ රෝහල් ගතව ඉන්දෙද්දි උන්වහන්සේගේ මානසිකත්වය ඉතාමත් පැහැදිලියි.

අපි දන්නවා සැත්කමෙන් පස්සේ උන්වහන්සේ විවේකි සුවයෙන් තමයි රෝහලේ ගත කළේ. උන්වහන්සේ හොදටම සනීප වෙලා හිටියේ. හැබැයි හදිසියේම අසනීප වෙනවා. අසනීප වුණාට පස්සේ සිංගප්පුරු අරන් යනවා. එහෙදී අපවත් වෙනවා උන්වහන්සේගේ දේහය ලංකාවට ගෙනාවම ජයරත්න මල් ශාලාවේ වැඩ කරපු සේවකයෙක් ධම්මාලෝක ස්වාමින්වහන්සේට දැනුම් දීලා තියෙනවා එම්බාම් කරන්න ගත්තම ඇතුලේ කිසිම අවයවයක් තිබුණේ නෑ කියලා. සාමාන්‍ය යෙන් එම්බාම් එකකදී ඉවත් කරන අවයව පමණක් නෙවෙයි අනෙකුත් අවයව පවා ඉවත් කරලා තිබුණේ කියලා. ඒ වගේම මරණ පරීක්ෂණයකින් තොරව ස්වාමින්වහන්සේගේ දේහය භුමි දානය නෙවෙයි ආදාහනය කරන්න ආණ්ඩුව මැදිහත් වෙලා කටයුතු කරනවා. උන්වහන්සේගේ අවසාන කැමැත්ත අනුව නෙවෙයි අවසන් කටයුතු සිද්ධ වුණේ ආණ්ඩුවට කැමැති විදිහට සිද්ධ වුණේ. ඒ නිසා උන්වහන්සේගේ අපවත් වීම පිළිබදව උඩුවේ ධම්මාලෝක හමුරුවෝ මතුකරන මේ සැකය, චෝදනාව පිළිබදව ආණ්ඩුව නිෂ්ශබ්දව බලා සිටිම වැරදියි කියලයි අපි විශ්වාස කරන්නේ.

මිට කලින් වර්තමාන පරම්පරාව නොදන්වා වුණත් 1960 දශකයේ ආණ්ඩු විරෝධි සටනේ ඉදිරියෙන් සිටි කොටගම ශ්‍රි වාචිස්වර නායක ස්වාමින්වහන්සේගේ හදිසි අපවත් වීමටත්, 1980 දශකයේ එජාප ආණ්ඩුවට විරුද්ධව සටනේ පෙරමුණේ සිටි පුජ්‍ය ලබුදුවේ සිරිධම්ම නාමියන්ගේ හදිසි අපවත් වීමටත් ඇගිල්ල දිගුවුයේ ආණ්ඩුවටයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා මිට කලින් අගමැති ධුරය දරන සමයේ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියනුත් අභිරහස් ලෙස අපවත් වුණා. ආණුඩුවට මිනීමැරිමේ චෝදනා එල්ල වෙද්දි ඒ මරණයට පත්වෙන්නේ මේ රටේ සුප්‍රකට, සමාජයේ අතිමහත් ගෞරවයට පත්වෙච්ච යතිවරයන් නමක් වෙද්දි ආණ්ඩුව මිට වඩා ක්ෂණිකව මේකට පිළිතුරු ලබා දිය යුතුව තිබුණා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි ඔබේ ඇතේ ලේ නැත්නම් මාදුළුවාවේසෝභිත නායක ස්වාමින්වහන්සේගේ හදිසි අභිරහස් අපවත් වීම පිළිබද ජනාධිපති කමිෂන් සභාවක් පත් කරලා යම් යම් තොරතුරු දන්නා අයට ඉදිරියට ඇවිත් සාක්ෂි දෙන්න අවස්ථාවක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් ඔවුන්ගේ ඇගේ ගෑවෙන ලේ පැල්ලම් ජිවිතයේ කිසිදාක මකා ගන්න බැරි වෙනවා කියන අනතුරු ඇගවීමත් අපි ආණ්ඩුවට කරනවා.

නොරොච්චෝලේ ගැන නොදත් විදුලි ඉංජිනේරුවා


පසුගිය විදුලිය බිද වැටීම් පිළිබදව ලංකා විදුලි බලමණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවන්ගේ සංගමය බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළා හරිහැටි නඩත්තු නොකල ට්‍රාන්ස්ෆෝමරයක සිදුවු පිපිරීමෙන් තමයි මේ විදුලි විසන්දිවීම වුනේ කියලයි . හිටපු විදුලි බල ඇමති පා.ච.රණවක ඇමතිතුමන් කියන්නේ නොරොච්චෝලේ බාල ප්‍රමිතියෙන් යුක්ක වීම නිසයි මේ විදුලිය බිද වැටීම උනේ කියල. අපිට එතුමන්ගෙන් අහන්න වෙන්නේ නොරොච්චෝලෙ විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කලේ කවුරුන් විදුලිබල ඇමතිව සිටියදීය . මම ම නොවේදැයි වදාරන්නයි එතුමන්ට සිද්ධ වෙන්නේ. නොරොච්චෝලේ විදුලි බලාගාරය නිසි ප්‍රමිතියට හදල නැත්නම් ඇයි ඇමතිතුමන් ඒ බලාගාරය හදපු සමාගමෙන් බාරගත්තේ. ඒ නිසා විදුලි බලාගාරය සමාගම විසින් හදල බාරදෙද්දි බාරගත් අයට වගකීමක් තියෙනවා එය නිසි ප්‍රමිතියට හදලද කියල පරීක්ෂාකොට බලා බාරගන්න ඒ විතරක් නෙවෙයි එතුමන්ට කලින් හිටපු ඇමතිවරුන් දෙදෙනාම නීතිඥවරු. එතුමන්ට පසුව ආපු ඇමති වරියත් නීතිඥ වරියක්. නමුත් එතුමන් විදුලි ඉන්ජිනේරුවෙක්. ඒ නිසා අනේ මං දන්නෙ නෑ කියන්න එතුමන්ට බෑ. . ඒ නිසා බලාගාරය නිසි ප්‍රමිතියට නැත්නම් එයට වග කිව යුත්තේ එවටය විදුලි බල ඇමති පා.ච. රණවක ඇමතිතුමයි කියල අපි මතක් කරනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4652394487975585578

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item