මෛත්‍රි පාර්ශවයට දිවුලපිටියේදී හූ වැස්‌සක් - චන්ද්‍රිකා හැරී යයි[VIDEO]
දිවුලපිටිය බලගල්ල චන්දන ජයකොඩි මහතාගේ නිවසේදී පෙරේදා (19 දා) දින පැවැති දිවුලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්‌ඩල රැස්‌වීමේදී අමාත්‍යවර...

https://www.sathhanda.com/2016/03/video_3.html
දිවුලපිටිය බලගල්ල චන්දන ජයකොඩි මහතාගේ නිවසේදී පෙරේදා (19 දා) දින පැවැති දිවුලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්‌ඩල රැස්‌වීමේදී අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන ප්‍රබලයන් වන රෙජිනෝල්ඩ් කුරේ, සරත් අමුණුගම සහ හිටපු මන්ත්‍රී රුවන් රණතුංට ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් හූ කියමින් දැඩි විරෝධය පළකර තිබේ. පාක්‍ෂිකයන්ගේ හූ හඬ මැද රැස්‌වීම අතරමඟ නතර කිරීමට එහි සංවිධායකයන් පියවර ගෙන ඇත.
මෙම රැස්‌වීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි. ඇයගේ ආරක්‍ෂක නිලධාරීන් රැස්‌වීමට කලින් පැමිණ සිටියද ඇති වූ නොසන්සුන් තත්ත්වය හමුවේ කුමාරතුංග රැස්‌වීමට නොපැමිණ ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ.
වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා රැස්‌වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක චන්දන ජයකොඩි මහතා විසිනි.
මුලින්ම රැස්‌වීම අමතා ඇත්තේ දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති යූ. ජී. ඩී. ආරියතිලක මහතා විසිනි. ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම සඳහන් කරන විට රැස්‌ව සිටි පාක්‍ෂිකයන් හූ කීම ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
"මහින්ද මහත්තය ගැන මිසක් වෙන කිසිම කෙනෙක් ගැන කතා කරන්න එපා..." යෑයි කියමින් පාක්‍ෂිකයන් ඔහුගේ කතාවට දිගින් දිගටම විරෝධය පළ කරන්නට වීම නිසා කතාව අතරමග නතර කරන්නට ආරියතිලක මහතාට සිදුවී ඇත.
කතාව යන අතරතුරදී රෙජිනෝල්ඩ් කුරේ සහ රුවන් රණතුංගරැස්‌වීමට පැමිණ තිබේ. එහිදී පාක්‍ෂිකයන් ඔවුන්ට හූ කියා ඇත. පන්දම්කාරයෝ අපට එපා", "පාවාදෙන්නන් අපට එපා" යෑයි කියමින් පාක්‍ෂිකයන් දිගින් දිගටම ඔවුන්ට විරෝධය පළකර ඇතැයි ද වාර්තා වේ.
රුවන් රණතුංග මහතාගේ නම කියවෙන වාරයක් පාසා පාක්‍ෂිකයන් "ප්‍රසන්න රණතුංග මහතාට ජයවේවා" කියමින් කෑගසා ඇතැයි ද වාර්තා වේ.
රෙජිනෝල්ඩ් කුරේ මහතා කතා කරන්නට නැගී සිටි අවස්‌ථාවේ සිට ඔහුට පාක්‍ෂිකයන්ගෙන් දැඩි විරෝධය එල්ල වී ඇත. ඒ අතරතුර අමාත්‍ය සරත් අමුණුගම මහතා රැස්‌වීමට පැමිණ සිට ඇත. ඔහුට ද හූ කියමින් පාක්‍ෂිකයන් දැඩි ලෙස විරෝධය පළ කර ඇත. පාක්‍ෂික විරෝධය නිසා රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ කතාව ද අතරමඟ නවතා දමා ඇති අතර අමාත්‍ය සරත් අමුණුගම මහතා රැස්‌වීම ඇමතීමට සූදානම් වන අවස්‌ථාවේ "අපි ආවේ පාවාදෙන්නන්ගේ කතා අහන්න නොවේ" යෑයි පවසමින් පාක්‍ෂිකයන් පිටවී ගොස් ඇතැයි ද වාර්තා වේ.
රැස්‌වීමේ නොසන්සුන් තත්ත්වය දුටු හිටපු ජනාධිපතිනියගේ ආරක්‍ෂකයන් ඇයට මෙම ස්‌ථානයට නොයන ලෙසට දැනුම් දී ඇත. ඒ අනුව දිවුලපිටියට එමින් සිට ඇති හිටපු ජනාධිපතිනිය ආපසු හැරී ගොස් ඇතැයි ද වාර්තා වේ.

Related