එජාපය සමග එක්ව ශ්‍රීලනිපයේ නිර්මල ප්‍රතිපත්ති රකිනවා
පසුගිය පාලනය පැවති වසර නවයක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමිවී නොතිබූ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි. ම...

https://www.sathhanda.com/2016/03/blog-post_368.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය ඒ යුගයේ ක්‍රියාත්මක නොවුණු බවත්,පුද්ගලයින්ගේ කිහිපදෙනෙකුගේ අභිමතය පමණක් ඒ යුගයේ ක්‍රියාත්මක වුණු බවත් ඇය කියා සිටියි.
පැවති පාලන සමයේ අධ්‍යාපනය කපෝති වූ බවත්,සභ්‍යත්වය ඉවර වූ බවත් පෙන්වා දෙන කුමාරතුංග මේ දිනවල පක්ෂය කඩාගෙන යන්නට උත්සාහ දරන කණ්ඩායමක් මේ රටේ අපරාධ වැඩි බවට කියන බව සිහිපත් කළාය.
එසේ වුවද අපරාධ රැල්ල දිගින් දිගටම වැඩිවුණේ ඒ කියන අයගේ කාලයේ බවත්,නීතිය කඩා වැටුණේ ඒ කාලයේ බවත්,පොලීසිය සම්පූර්ණායෙන් විනාශ කරලා,අධිකරණයට බලපෑම් කරලා මීන මරුවෝ හොරු කසිප්පු මුදලාලිලා ආරක්ෂා කරනු ලැබුවේ ඒ කාලයේ බවත් ඇය අවධාරණය කළාය.
කෙසේ වෙතත් එක දවසින් මේ රට ශුද්ධ කරලා නැවත ගොඩනඟන්න හැකියාවක් නොමැති බවත්,ඒ සඳහා අවුරුද්දක දෙකක කාලයක් ගතවනු ඇති බවත් කුමාරතුංග වැඩිදුරටත් කියා සිටියාය.
Palayan wetta pasi, wel pasi, wera pasi yanna.
ReplyDeleteThere are more. Wetta kasi, welu basi, wena bosi.
Delete