දංකොටුවෙන් හමුවූ පිළිස්සුන සිරුරු පාතාල ගැටුමක ප්‍රතිපලයක් - වහනය රියදුරුගේ බිරිඳ විසින් ඇදුනා ගනියි

දංකොටුව - බුජ්ජම්පොළ, ඉරබඩගම ප්‍රදේශයේ පාළු පාරකදී ගිනි ගෙන පිළිස්සී තිබූ වාහනයේ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක ම...

දංකොටුව - බුජ්ජම්පොළ, ඉරබඩගම ප්‍රදේශයේ පාළු පාරකදී ගිනි ගෙන පිළිස්සී තිබූ වාහනයේ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ විසින් සිදුකැරිණි.

කළුතොට ෆිනෑන්ස් සමාගමට අයත් බව කියන ඩබ්ලිව්පී පීඑච් 1080 දරන අංකය ඇති වෑන් රථයක් වන එහි රියදුරු පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවකු විය හැකි බවත් ඔහුගේ බිරිය එම වෑන් රිය හඳුනාගත් අතර පිළිස්සී ගිය මළ සිරුරු අතර සැමියාගේ සිරුර ඇත්දැයි හඳුනාගැනීමට ඇය අපොහොසත් වූවාය.

එම සිරුරු බෙහෙවින්ම පිළිස්සී තිබිණි. රිය පැදවූ පුද්ගලයා කපිල යනුවෙන් හඳුනාගෙන ඇති බවත් 10 වැනිදා රාත්‍රී 11ට පමණ ඔහු ජංගම දුරකථනයෙන් දියණියට කථා කළ බවත් මිතුරන් කිහිපදෙනකු සමග ගමනක් යන බවත් පවසා ඇතැයි කපිලගේ බිරිය පොලිසියට කියා ඇත. කපිලට එරෙහිව නඩු කිහිපයක් ඇති බවද ඔහු කල්බදු සමාගමක සීසර්වරයකු බවද කියති.

කොල්ලුපිටියේ පදිංචිකරුවකු ද 10 වැනිදා රාත්‍රියේ සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.

මේ අතර 10 වැනිදා රාත්‍රීයේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය කියයි. මිතුරෙකු යැයි පැවසූ අයෙකු පැමිණ තම සැමියාව කැදවාගෙන ගිය බවත් එතැන් සිට ඔහු අතුරුදහන්වී ඇති බවත් එම අයගේ බිරිද විසින් දිවුලපිටිය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

පිළිස්සී තිබූ වෑන් රථය ආසන්නයේ තිබී ලේ පැල්ලම් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඒ අනුව කාර්මික දෝෂයක් හේතුවෙන් වෑන් රථය ගිනි ගෙන විනාශ වී නොමැති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. වෙනත් ස්ථානයක ඝාතනය කරන ලද අයවළුන්ව මෙම ස්ථානයට ගෙනවිත් වෑන් රථය තුළට දමා ගිනි තබන්නට ඇති බවට විශ්වාස කරන බවද පොලීසිය සදහන් කරයි. ඇතැම් විට මෙම සිද්ධිය පාතාල කල්ලි දෙකක ගැටුමක විය හැකි බවද විමර්ශණ කරන නිලධාරීන්ගේ මතය වී ඇත. මිය ගොස් ඇති අයව නිශ්චිතවම මෙතෙක් හදුනා ගෙන නැත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3233744977007488836

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item