යුද්ධය නිමා කරමින් මහින්ද කළ සේවය අති විශාලයි
අවුරුදු තිහක් තිස්‌සේ පැවැති කුරිරු යුද්ධය සම්පූර්ණයෙන්ම නතර කළේ එදා සේනාධිපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එත...

https://www.sathhanda.com/2016/03/blog-post_486.html
අවුරුදු තිහක් තිස්‌සේ පැවැති කුරිරු යුද්ධය සම්පූර්ණයෙන්ම නතර කළේ එදා සේනාධිපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එතුමා ජාතියේ නායකයා බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර තංගල්ලේදී පැවසීය. තමන් මේ ආණ්‌ඩුවේ සිග්නල් කණු වන්නේ නැතැයි ද හොඳට කල්පනා කරමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා තංගල්ල නගර ශාලාවේ පැවැති තංගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්‌ඩල රැස්‌වීම අමතමින් කියා සිටියේය.
උපාධිධාරීන් පනස්‌අට දහසකට රජයේ රැකියා ලබාදෙමින් මහා සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැවීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට හැකි වූ බවත් එතුමා රට ස්‌වයංපෝෂිත කළ බවත් දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියා සිටියේය.
එම දූරදර්ශී නායකයා කළ සේවය අමතක කළ නොහැකි යෑයි ද එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඒකාන්තයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් පිහිටුවන බව ද අමාත්‍යවරයා පැවසීය. එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර ද එම අවස්‌ථාවට එක්‌ව සිටියේය.
Related