වැට් බදු වැඩි වීම ක්‍රියාත්මක නම් බස් ගාස්‌තු නැංවීම අනිවාර්යයි - ගැමුණු කියයි
යෝජිත වැට් බද්ද වැඩි වීම රජය ක්‍රියාත්මක කළොත් අනිවාර්යයෙන්ම බස් ගාස්‌තුවේ වැඩිවීමක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභා...

https://www.sathhanda.com/2016/03/blog-post_533.html
යෝජිත වැට් බද්ද වැඩි වීම රජය ක්‍රියාත්මක කළොත් අනිවාර්යයෙන්ම බස් ගාස්‌තුවේ වැඩිවීමක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න ඊයේ (23දා) පැවැසීය. මේ වන විට සියයට එකොළහක්‌ව පවතින වැට් බද්ද ඉදිරියේදී සියයට පහළොව දක්‌වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවත් එය ක්‍රියාත්මක වුවහොත් ඊට සාපේක්‍ෂව බස් ගාස්‌තු ද වැඩි වීම සිදුවන බවත් විඡේරත්න කීය.
මේ වන විට ඩොලරයේ අගය රු.147 දක්‌වා ඉහළ ගොස් ඇති නිසා බස්‌රථ අමතර කොටස් මිල ඉහළ ගොස් ඇතැයි ඔහු කීය. එවැනි වාතාවරණයක් මත වැට් බදු වැඩි කරනු ලැබුවහොත් බස් කර්මාන්තය පවත්වාගෙන යැමට බස් ගාස්‌තු වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් බස් හිමියන්ට නැතැයිද ඔහු පැවැසීය.
Related