ඒකාබද්ධ විපක්ෂය ජිනීවා යයි
වර්තමාන ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන බව වාර්තා වේ. ඔවුන් ඒ සඳහා තම මන්ත්‍රී කණ්ඩායමක් අද (29)...

https://www.sathhanda.com/2016/03/blog-post_699.html
ඔවුන් ඒ සඳහා තම මන්ත්‍රී කණ්ඩායමක් අද (29) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යන බව ප්‍රකාශ කර සිටී.
ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කියාසිටියේ වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයට හිමි වරප්‍රසාද ලබා නොදෙමින් ,මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරමින්, පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදය අනතුරට හෙළමින් කරගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර්ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය හමුවේ පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් අද දින මෙලෙස ජිනීවා නුවර බලා යාමට තීරණය කර ඇති බවයි.
වැඩිදුර අදහස් දැක්වමින් රංජිත් ද සොයිසා මහතා, "ඒ වගේම අපි එතනදි පැමිණිල්ලක් ලෙස කරනවා පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමමින් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමට වර්තමාන රජය කටයුතු කිරීම පිළිබඳවත්" යනුවෙන් පැවසීය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ පැවැත්වීමට ද නියමිතය.
මෙම සාකච්ඡාවේ අපේක්ෂාව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීම සඳහා තොරතුරු ගොනු කිරීම බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Related