පැහැරගත් යානයේ මගීන් රැසක් නිදහස්[UPDATED]
අද (29) දිනයේදී පැහැරගනු ලැබූ ඊජිප්තු ගුවන් සේවයට අයත් යානයේ සිටි බහුතරයක් මේ වන විට නිදහස් කර ඇතැයි වාර්තා වේ.පැහැරගනු ලැබූ MS181 ගුවන්යා...

https://www.sathhanda.com/2016/03/blog-post_870.html
අද (29) දිනයේදී පැහැරගනු ලැබූ ඊජිප්තු ගුවන් සේවයට අයත් යානයේ සිටි බහුතරයක් මේ වන විට නිදහස් කර ඇතැයි වාර්තා වේ.පැහැරගනු ලැබූ MS181 ගුවන්යානයේ සිටි කාර්ය මණ්ඩලය හා විදෙස් මගීන් සිවුදෙනෙකු හැර අනෙක් සියලු දෙනා නිදහස් කර ඇතැයි ඊජිප්තු ගුවන් සේවය පවසන බව බීබීසී ලෝක සේවයේ දැක්වේ.පැහැර ගැනීමට ලක් වූ යානය මේ වන විට සයිප්‍රසයේ ලැනාකාර් ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ.ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා සිට කයිරෝ අගනුවර දක්වා ගමන් කළ මෙම යානය පැහැර ගන්නා විට එහි මගීන් 81ක් ගමන් කරමින් සිට ඇති අතර, තමා පුපුරණ ද්‍රව්‍ය පළඳාගෙන සිටින බවට තර්ජනය කළ මගියෙකු විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
---------------------------
මගීන් 82දෙනෙකු සමග ඊජිප්තුවට අයත් ගුවන්යානයක් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන්යානය ඊජිප්තු එයාර්ලයින් ගුවන් සේවයට අයත් වන අතර මේවන විට එම ගුවන්යානය සයිප්‍රස් ගුවන්තොටුපොලට ගොඩබස්වා ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අදාළ යානය ඊජිප්තු ගුවන් සේවයට අයත් එකක් බව පමණක් සඳහන් කරන බලධාරීන් එහි ගමන් ගත් පුද්ගලයින් පිළිබඳව ද කිසිවක් වාර්තා කර නැහැ.
අදාළ යානය ඊජිප්තු ගුවන් සේවයට අයත් එකක් බව පමණක් සඳහන් කරන බලධාරීන් එහි ගමන් ගත් පුද්ගලයින් පිළිබඳව ද කිසිවක් වාර්තා කර නැහැ.
Related