යාපනය නල්ලූර්වලිනුත් වෙඩිබෙහෙත් තොගයක් ගොඩගනී (PHOTOS)
යාපනය, නල්ලූර්හි සංගිලියන් තෝප්පු ප්‍රදේශයේ වලදමා තිබූ වෙඩි බෙහෙත් කිලෝ 95 ක් පෙරේදා (29) යාපනය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ...

https://www.sathhanda.com/2016/03/photos_31.html
අදාල වෙඩි බෙහෙත් තොගය වලදමා තිබූ ඉඩමෙහි හිමිකරු විසින් කිසියම් වගා කටයුත්තක් සඳහා බිම සකස් කරන විට වලදමා තිබූ බූලි තොගයක් දැක ඒ සම්බන්ධයෙන් පොලීසිය වෙතට දැනුම් දීමෙන් පසුව මෙම වෙඩි බෙහෙත් තොගය පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් හා පොලීසිය එක්ව ගොඩගෙන තිබේ.
අදාල වෙඩි බෙහෙත් තොගය බූලී තුනක හසුරා තිබූ අතර යුද සමයේදී LTTE සංවිධානය විසින් වල දමන්නට ඇති බවටත් ඒ පිළිබඳව වැඩුදර පරික්ෂණ සිදු කරන බවටත් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටියේය.
ඡායාරූප පහතින්.
රොමේෂ් මධුසංක - වන්නි
Related