දංකොටුවේ පස්දෙනාගේ ඝාතකයන් 'සතිපොළත් ' ලේ විලක් කරලා
දංකොටුව ප්‍රදේශයේ දී වෑන් රථයක් තුළ ඝාතනයට ලක්වූ පුද්ගලයින් පස්දෙනාට මරණීය තුවාල සිදුකළ බවට සැකකෙරෙන තවත් ප්‍රධාන ස්ථානයක් ඊයේ (12)රාත්‍රී...

https://www.sathhanda.com/2016/03/see-more-at-httpoffairnethfmcomarticle3.html
දංකොටුව ප්‍රදේශයේ දී වෑන් රථයක් තුළ ඝාතනයට ලක්වූ පුද්ගලයින් පස්දෙනාට මරණීය තුවාල සිදුකළ බවට සැකකෙරෙන තවත් ප්‍රධාන ස්ථානයක් ඊයේ (12)රාත්‍රී සොයා ගෙන තිබෙනවා.
අද දිනයේ මෙම ස්ථානයේ සති පොළ පැවැත්වෙන නිසා ඊයේ රාත්‍රී එළවළු ගෙන පැමිණි පුද්ගලයන් මෙම ස්ථානයේ ලේ විශාල ප්‍රමාණයක් තිබෙනු දැක ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
එම ස්ථානයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.
මෙම ස්ථානයේ සති පොළ මේ වන විට පැවැත්වෙන අතර විශාල ජනතාවක් පොළට පැමිණෙමින් සිටිනවා.
එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
Related