ඇමති චම්පිකට එරෙහිව විශ්වාසභංගයක්
මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවකට එරෙහිව සකස් කරන ලද විශ්වාසභංග යෝජනාවක් මෙම සතිය තුළ කථානායකවරයා වෙත භාරදෙන බව ඒකාබද්...

https://www.sathhanda.com/2016/04/blog-post_50.html
රාජගිරිය ප්‍රදේශයේදී අමාත්‍යවරයාට අයත් මෝටර් රථයක ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය මුල් කරගනිමින් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.
පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා සිද්ධියට අදාළ නීතිමය කටයුතුවලින් මගහැර සිටීමට උත්සාහ දරන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු සහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස එය එතරම් උචිත නොවන්නක් බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.
Related