කාන්තා ලෝක කුසලානයේ ජය කොදෙව් පිලට
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 08කින් පරාජය කර පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලනාය තමන් සතු කර ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත්විය. කොදෙව් ...

https://www.sathhanda.com/2016/04/blog-post_97.html
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 08කින් පරාජය කර පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලනාය තමන් සතු කර ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත්විය.
කොදෙව් කාන්තා කණ්ඩායමක් කාන්තා ලෝක කුසලානයක් ජයගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. අවසන් වරට පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලි තුනේදීම ශූරතාව දිනා ගැනීමට සමත්වූයේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.
ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩිකාවෝ තරගයේ 19.3 පන්දුවාරයේදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු දෙකක් පමණක් වැය කරමිනි. නායක ස්ටෙෆානි ටේලර් හා ක්‍රිස්ටන් මැතිව්ස් පළමු කඩුල්ල සඳහා අගනා ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගීය.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය.
Related