මහින්දගෙන් රනිල්ට ඇමතුමක් - රටේ ආරක්ෂාව ගැනත් උපදෙස් දීලා
චාවකච්චේරි ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ම...

https://www.sathhanda.com/2016/04/blog-post_75.html
මෙම ඇමතුමේ දී හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තොරතුරු කිහිපයක් දන්වා ඇතැයි දැනගන්නට තිබේ.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සොයා ගැනීමට අදාලව පැවැත්වෙන පරීක්ෂණ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් එම තොරතුරුද උපයෝගී කර ගන්නා ලෙස අගමැතිවරයා ආරක්ෂක අංශ වෙත දුන් උපදෙස්වල සඳහන් බව වාර්තා වේ.
මේ අතර චාවකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් වැල්ලවත්ත ප‍්‍රදේශයට ගෙන ඒමට තිබූ බවට හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් පවසන්නේ නම් ඔහුගෙන් තොරතුරු ලබාගෙන ඒ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Related