වෘත්තීයවේදීන් ඉවත් කර ඉන්දියා ගිවිසුම අපි ගහනවා
ඉන්දියාව සමග වෘත්තීයවේදීන් ඉවත් කර ආර්ථික හා තාක්ෂණ ගිවිසුමක් අත්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ...

https://www.sathhanda.com/2016/04/blog-post_55.html
ඉන්දියාව සමග වෘත්තීයවේදීන් ඉවත් කර ආර්ථික හා තාක්ෂණ ගිවිසුමක් අත්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය. ඉන්දියාව සමගින් අපි සීපා ගිවිසුම් අත්සන් කරන්නේ නෑ. එම ගිවිසුමෙන් වෘත්තීයවේදීන් ඉවත් කරලා ආර්ථික හා තාක්ෂණ ගිවිසුමක් අත්සන් කරනවා. මේ ඔක්කෝම කරන්න අපිට ජනවරමක් තිබෙනවා. එම ජනවරම අනුවයි අපි ක්‍රියා කරන්නේ. ජනතාවට වගකිව යුතු බැවින් සකස් කළ එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා. ඔබගේ අදහසුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න. එයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෑ. එම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්න තමයි අපි කැපවෙලා ඉන්නේ.
දැන් රටේ බමුණු කුලයක් ඇති වෙලා තිබෙනවා. ඒ බමුණු කුලය කියනවා පාර්ලිමේන්තුවට කලින් අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා. අපිට බමුණු කුල නෑ. මේ වැඩ කටයුතු කරන්න අපිට ජනතා සහයෝගය තිබෙනවා.
මේ කිසිම දෙයක් රහසේ කරන දේවල් නමෛයි. සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තමයි කරන්නේ. දේශීය වෙළෙඳපොළට වඩා විශාල වෙළෙඳපොළක් ලංකාවට අවශ්‍යයි. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලබා ගැනීමෙන් යුරෝපීය වෙළෙඳපොළ ජයගන්න අවස්ථාව ලැබෙනවා. එයට අමතරව ධීවර තහනමද ඉවත් කර ගැනීමට කටුයතු කරමින් සිටිනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
නාලක සංජීව දහනාය
Related