කොටි ටී ෂර්ටයක් මහනුවර කඩේ

මහනුවර නාගරික වෙළඳ සංකීර්ණයේ වෙළදසලක රෙදි තොගයක් අතර තිබූ කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුවද ඊලාම් රාජය්‍යක් සඳහා යෝජනා කර තිබූ ප්‍රදේශ...

මහනුවර නාගරික වෙළඳ සංකීර්ණයේ වෙළදසලක රෙදි තොගයක් අතර තිබූ කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුවද ඊලාම් රාජය්‍යක් සඳහා යෝජනා කර තිබූ ප්‍රදේශ යැයි කියන ස්ථාන සලකුණු කළ ටී ෂර්ටයක් තිබී හමුවූ බව මහනුවර පොලිසිය පවසයි.

කොලරය රහිත කහ පාටින් යුත් මෙම ටී ෂර්ටයේ ඉදිරිපස LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජායාරූපයකින් යුක්ත වන අතර ඊට පහතින් L’ ASPIRATION DES Tamouls est un Tamil Eelam libre යනුවෙන් සඳහන් වනවා.එම ටී ෂර්ටයේ පිටුපස ශ්‍රී ලංකා සිතියමක ඊලාම් රාජ්‍යයේ දේශ සීමා රතු පැහැයෙන් ළකුණු කොට ඇත. එහි කොටි සංවිධානයේ ලාංඡනයද සටහන් කොට ඇති අතර එයට අමතරව FREE TAMIL EELAM යනුවෙන්ද සඳහන් කොට තිබෙනවා.

කඩයට ලැබුණු රෙදි තොගයක් විවෘත කර බැලිමේදි එය දුටු පසු ‍අදාළ වෙළඳසලේ හිමිකරු මහනුවර පොලිසියට ඒ බව දැනුම් දි ඇති අතර රෙදි එවු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිත බව පොලිසිය කියයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5192536535735682652

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item