දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රීවරු 27ක් මහින්ද පිලට
දකුණු පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 27ක්ම ඒකාබද්ධ විපක්ෂයට සහය දැක්වීමට තීරණය කර ඇතැයි පළාත් සභා මන්ත්‍රී ...

https://www.sathhanda.com/2016/08/27.html
ඔහු මේ බව පැවසූයේ ඊයේ (09) බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 33ක් දකුණු පළාත් සභාවට තේරී පත්ව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරයාද ඒකාබද්ධ විපක්ෂයට සහය දැක්වීමට තීරණය කර ඇති නිසා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු 28ක්ම ඒකාබද්ධ විපක්ෂය සමග සිටින බව පැවැසීය.
දකුණු පළාත් මහ ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සමග මාධ්‍ය හමුවකට එක්වීම සම්බන්ධයෙන් පෙරේදා (08) පළාත් සභාවේ පැවැති කණ්ඩායම් රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු මහ ඇමැතිවරයා විවේචනය කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මහ ඇමැතිවරයාගේ ප්‍රකාශවල ඇත්තේ එතුමාගේ පෞද්ගලික මතය මිස පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ හෝ දකුණු පළාතේ ජනතාවගේ මතය නොවේ යැයිද වැඩිදුරටත් පැවසී ය.
Related