තිරුපති කෝවිලේදී ජනාධිපතිගේ කාරයේ රියදුරා අතුරුදහන් වී ආරක්ෂාවේ හිඩැසක් ඇතිවෙලා
ඉන්දියාවේ තිරුපති කෝවිලේ පූජාවෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ රියදුරා එන තුරු මිනිත්තු 12ක් බලා සිටීමට ස...

https://www.sathhanda.com/2016/08/Driver-keeps-maithripala-sirisena-waiting-as-guards-grow-tense.html
ඉන්දියාවේ තිරුපති
කෝවිලේ පූජාවෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ
රියදුරා එන තුරු මිනිත්තු 12ක් බලා සිටීමට සිදුවූ බව ඉන්දියාවේ හින්දු,
ඉන්දියන් එක්ස්ප්‍රස් සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍ර කියයි. ආන්ද්‍රා
ප්‍රදේශ් පොලිස් බලධරයෝ මේ සිද්ධියෙන් දැඩි අසීරුවට පත්වූහ. මිනිත්තු 12- 13කට පසු
කිහිපයකට පසුව ඔහු කෝවිල ඇතුළේ සිටිය දී සොයා ගත් බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා ජනපතිගේ ආරක්ෂාවේ හිඩස ගැන ආන්ද්‍රා ප්‍රදේශ පොලිසිය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ජනපති සෙනසුරාදා රාත්‍රියේ තිරුමාලා වෙත ළඟා විය. තිරුපති කෝවිලට අයත් ශ්‍රී පද්මාවතී ගෙස්ට්හවුසියේ රාත්‍රිය ගත කළ සිරිසේන මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ඉරිදා අලුයම තුනට විශේෂ පූජාවකට සහභාගී වූහ.
පූජාවෙන් පසුව තම කාරයට පැමිණි නමුත් රියදුරා කාරයේ නොසිටි බව ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය කියයි. සිරිසේන මහතාත් ඔහුගේ බිරිය හා පුතාත් මිනිත්තු 12ක් කාරය ඇතුළට වී සිටි අතර ආන්ද්‍රා ප්‍රදේශ් ආරක්ෂක නිලධරයෝ කාරය වටා මුර සේවයේ යෙදී සිටියහ.
ඉරිදා උදේ 6.30ට පමණ ශ්‍රී ලංකා ජනපති හා පවුලේ සාමාජිකයෝ යලි දේවාලයට පැමිණ පූජාවකට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් සැලසුම් කළ ආරක්ෂාව හිඩැසකට ලක්වූයේ කෙසේදැයි සොයා බැලීමට ආන්ද්‍රා පොලිසිය මේ පරීක්ෂණය පවත්වයි. ශ්‍රී ලංකා ජනපති රැගෙන දේවාල භූමියට ගිය රියදුරා සහ ජනපති කණ්ඩායමේ වෙනත් අය කෝවිල ඇතුළට යෑමට අවසර ලබාගෙන සිටි බව දැනගන්නට ඇත. ප්‍රභූවරයකු දේවාලයේ සිටිය දී ඔවුන්ට ද එහි ඇතුළු වීමට ඉඩ ලැබුණු බව කියති. ප්‍රභූවරයකු දේවාලය ඇතුළේ සිටිය දී රියදුරා ඇතුළු වෙනත් පිරිසකට එහි ඇතුළුවීමට ඉඩ දුන්නේ ඇයිද යන්න ගැන තිරුපති නාගරික පොලිස් අධිකාරී ජයලක්ෂ්මී කෝවිල් බලධරයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට තිබේ.

Related