ලාංකික නැවියන් 8ක් සමග නැවක් අරාබියේදී අත්අඩංගුවට
නීති විරෝධී කටයුතුවල නිරත වී ඇති බවට චෝදනා යටතේ ශ්‍රී ලාංකික නැවියන් 8 දෙනකු සමග නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මගින් අත්අඩංගුවට ගෙන ...

https://www.sathhanda.com/2016/08/al-kalidia-arrested.html
නීති විරෝධී කටයුතුවල නිරත වී ඇති බවට චෝදනා යටතේ ශ්‍රී ලාංකික නැවියන් 8 දෙනකු සමග නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එක්සත් අරාබි එමීර් හි ෆුජේරා සමුද්‍ර ආරක්ෂක බළකාය “අල් කලිතියා” නමැති මෙම නෞකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට අධිකරණ නියෝගයක් මතය.
මෙම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මේ වනවිටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය පවසයි.කෙසේ වෙතත් සන්නිවේදන කටයුතු දුර්වල වීම හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කර ගැනීමේ ගැටලු පවතින බව එම කාර්යාලය සඳහන් කරයි.
මේ වනවිට අල් කලීතියා නෞකාව ෆුජේරා ආශ්‍රිත මුහුදේ නැංගුරම් ලා ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් එම නෞකාව අයත් රට හෝ එය කුමන ගමනාන්තයක් දක්වා යාත්‍රා කරමින් සිටියේද යන්න සහ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබූ භාණ්ඩ පිළිබඳ මතෛක් වාර්තා වී නොමැත.
Related