ශක්තිමත් දුරදිග දකින ආණ්ඩුවක් ක්‍රියාත්මකයි - අගමැති දෙනියායේදී කියයි
වර්තමානයේ ශක්තිමත් සහ දුරදිග දකින ආණ්ඩුවක් ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ඊය...

https://www.sathhanda.com/2016/08/ranil_22.html
වර්තමානයේ ශක්තිමත් සහ දුරදිග දකින ආණ්ඩුවක් ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ඊයේ (21) දෙනියාය පිටබැද්දර දී එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩ සටහනකට සහභාගි වෙමිණි. ඉදිරියේදී පවත්වන එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේදී ජනතාවගෙන් කැම්බල්පිටිය පුරවන ආකාරය පෙන්වන බව කී අග්‍රාමාත්‍යවරයා .
මාධ්‍යයන්ට ද සත්‍ය ලෙස ජනතාව සිටින්නේ කා සමග ද කියා එහිදී දැකබලා ගතහැකි බව කීය.එකට එකතු වී වැඩකරන ක්‍රමයක් අප පළාත් සභා තුළත් ඇතිකරන්න අවශ්‍යයි. ග්‍රාම රාජ්‍ය තුළින් ශක්තිමත් ග්‍රාමීය ආර්ථිකයක් අතිකරනවා. මෙහි දේශපාලනයක් නැහැ. මුළු පාර්ලිමේන්තුවම රට හදන්න එකතුවිය යුතුයි. රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරන්න තිබෙනවා. ඒවායින් පළා යාමට නොහැකි යයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා නිරන්තරව පවසනුයේ අඩුවෙන් කතා කරමින් වැඩියෙන් වැඩ කිරීමට යයිද කීය.
Related