ආණ්‌ඩුවේ ඇමැති ධුරයක්‌ ගන්න මහින්දානන්ද සූදානමින් සිටියා - ආනන්ද අලුත්ගමගේ

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින තම සහෝදරයා වන මහින්දානන්ද අලුත්ගමගේ  පරිසර ඇමැති ධුරය ලබාගෙන ආණ්‌ඩුවට සහාය දැක්‌වීමේ සූදානමක්‌ තිබූ බව මහනුවර දිස...

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින තම සහෝදරයා වන මහින්දානන්ද අලුත්ගමගේ  පරිසර ඇමැති ධුරය ලබාගෙන ආණ්‌ඩුවට සහාය දැක්‌වීමේ සූදානමක්‌ තිබූ බව මහනුවර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ  ඊයේ (09 දා) සිරිකොතදී පැවසීය. මහින්දානන්ද අලුත්ගමගේ  සමඟ කෙහෙලිය රඹුක්‌වැල්ල  ද ආණ්‌ඩුවට පැමිණීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  හා එජාපයේ නායකයන් සමඟ කිහිප වතාවක්‌ම සාකච්ඡා පැවැත්වූ බව ද හෙතෙම පැවසීය.

එහෙත් වැදගත් ගෞරවනීය පුද්ගලයන් පමණක්‌ යහපාලන ආණ්‌ඩුවට ඇතුළු කර ගන්නා බැවින් ඔවුන් දෙදෙනා ආණ්‌ඩුවට නොගත් බවත් ජනතාවගේ අපකීර්තියට ලක්‌වූ අය මේ ආණ්‌ඩුවට බඳවා නොගන්නා බව ද කීය.

වරප්‍රසාද නොමැති බැවින් ඔවුන්ට විපක්‍ෂයේ සිටීමට නොහැකි නිසාත් ඔවුනගේ විවිධ වැරදි වසා ගැනීමට අවශ්‍ය නිසාත් මෙලෙස ඔවුන් ආණ්‌ඩුවට පැමිණීමට උත්සාහ කළත් ජනාධිපති සහ අගමැති එය ප්‍රතික්‍ෂේප කළ බව ද ආනන්ද අලුත්ගමගේ  වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1882018499669757323

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item