ආශු මාරසිංහ මන්ත්‍රීතුමා පෙන්වාදුන් නිහතමානී බව සහ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණක්

අපට මේ වගේ දේවල් එතරම් හුරු නැත. රටේ සාමාන්‍ය පුද්ගලයකු වුවද වරදක් කොට හසුවූ තැන උත්සාහ කරන්නේ ඉහළ පොලිස් නිලධාරියෙකු හෝ දේශපාලඥයකු වැනි බ...

අපට මේ වගේ දේවල් එතරම් හුරු නැත. රටේ සාමාන්‍ය පුද්ගලයකු වුවද වරදක් කොට හසුවූ තැන උත්සාහ කරන්නේ ඉහළ පොලිස් නිලධාරියෙකු හෝ දේශපාලඥයකු වැනි බලවතෙකු ලවා රාජකාරිය කළ නිලධාරියාට බලපෑම්කොට වරද කටුගා දමන්නටය.

එහෙව් රටේ මෙවන් මන්ත්‍රීවරු සිටීමද අරුමයකි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ  දඩය ගෙවා රියැදුරු බලපත්‍ර‍ය ලැබෙනතෙක් කුරුඳුවත්ත පොලිසියේ සිටින අයුරුය.
 
මෙය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමකුම පෙන්වාදීම අගය කලයුතු මෙන්ම එය නිවැරදි කිරීමේ හැකියාව ඇත්තෙත් ඔවුන් අතේමය. ආශු මාරසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීටයෙන් තම මුලික උපාධිය අවසන් කර වැඩිදුර අධ්‍යාපනය ජපානයේ නිම කරමින් අචාර්ය උපාධිය ලබාගෙන එහෙම වසර ගණනාවක් සේවය කළේය. ජපානය වැනි රටක ජීවත් වූ අයකු වශයෙන් ඇති අත්දැකීම් ඔහුගෙන් ලබාගෙන රටට වැඩක් කෙරෙන බවක් නම් නොපෙනෙන බව කණගාටුවෙන් උවද පැවසිය යුතුය.

ඔහු එම දඩ පත්‍රිකාවද සහිතව තම ෆේස්බුක් ගිණුමේ මෙවන් සටහනක් යොදා තිබුණි.

“මම පුරුද්දක් ලෙස සෑම ඉරිදා උදෑසනම විජේරාම මාවතේ පිහිටි සම්බෝධි විහාරස්ථානය අසල පැවැත්වෙන සති‍පොළට තනිවම වාහනය පදවාගෙන යමි. මන්ත්‍රී වරයෙකු ලෙස මට එක් රියදුරු මහතෙක් සිටින අතර සති අන්තය ඔහුට නිවාඩු ලැබේ. උදෑසන 5 හේ සිට සම්බෝධි විහාරස්ථානය අසල වාහන තදබදයකි. මම ගිය ඉරිදා වාහනය නවත්වන්නේ ඒ අසල පිහිටි ජාත්‍යන්තර පාසලක් කෙළවරේ පිහිටි පදික වේදිකාවක කොනේය. එය පදික වේදිකාවකටත් වඩා අඩි 20 විස්සේ පාරක් වගේය. ඉරිදා දිනය පාසැල නිවාඩු ය. පාසැල කොනේ වාහනය නවතන විට පදික වේදිකාව තව අඩි 10 පමණ ඉතිරිය. ඒ කෙසේ වෙතත් එය පදික වේදිකාවක් නම් දඩ කොළයක් ලැබිය යුතුය. මට දඩ කොලය ලැබෙන්නේ ඉරිදාය. මම මගේ රියදුරු බලපත්‍රය ලබාගැනීමට කුරුදුවත්ත පොලිසියට යන්නේ සදුදාය.

මගේ වාරය එනතෙක් බලාසිට (විනාඩි 20 ක් පමණ) දඩය ගෙවීමේ රිසිට් පතද ගෙන (කහ පාට ) ටවුන් හෝල් වල පිහිටි තැපැල් කන්තෝරුවට ගොස් නැවත කුරුදුවත්ත පොලිසියට පැමිණ මගේ වාරය එනතෙක් විනාඩි 15 ක් පමණ බලාසිට මගේ රියදුරු බලපත්‍රය ලබා ගතිමි. මේ සදහා මට සදුදා දිනයේ පැය 3 ක් පමණ ගත විය. මම නුවර ගිය විට මේ දඩ කොලය ලැබුනේ නම් මට දින දෙකෙක් ගතවේ. මෙය වෙනස් කළ යුතුය. පහසුවෙන් දඩ ගෙවිය හැකි රියදුරු බලපත්‍රය පොලිසිය විසින් ලබා නොගන්නා, දඩ කෑවිට රියදුරු බලපත්‍රයේ ලකුණු අඩුවන ක්‍රමයක් හා පහසුවෙන් දඩ ගෙවිය හැකි ක්‍රමයක් අවශ්‍යය. එවිට පොලිස් නිලධාරියා ට මුදල් ලබාදී වැඩේ ගොඩදාගන්න ක්‍රමය අවශ්‍ය නැත. ආණ්ඩුවට ආදායමද වැඩිවේ. මගේ මේ අත්දැකීමද සමග පාර්ලිමේන්තුවේ පොලිසිය සම්බන්ද ආංශික අධීක්‍ෂණ කමිටුවට යෝජනා කිරීමට බලා පොරොත්තු වෙමි.“




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1801325190812821970

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item