ශ්‍රීලනිපයේ ආණඩුවක් පිහිටුවන්න ඕන නම් අපි පක්ෂ සංවත්සරය සාර්ථක කරගන්න ඕනේ - අමාත්‍ය නිමල් සිරිපාල
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එම නිල සභාපතිවරයා යටතේ පවත්වන්නේ එක් නිල සංවත්සරයක් පමණක් බ...
https://www.sathhanda.com/2016/08/blog-post_84.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එම නිල සභාපතිවරයා යටතේ පවත්වන්නේ එක් නිල සංවත්සරයක් පමණක් බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 07වනදා බදුල්ල දිස්ත්‍රික් ශ්‍රිලනිප ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමිනි.
පක්ෂය තුළ මේ වනවිට විශාල බෙදීමක් ඇති වී තිබෙන බවත් එය පක්ෂයකට ස්වාභාවික කාරණයක් බවත්, එසේවුවත් පක්ෂයක් ලෙස කුමනාකාරයේ පරිත්‍යාගයක් සිදුකර හෝ ශ්‍රිලනිපය සමඟි කළයුතු බවත් ඒ මහතා කියාසිටියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා," අපේ නිල සංවත්සරේට ජනාධිපතිවරයා ඇතුළු සියළු දෙනාට ආරාධනා කරනවා. ඒ නිසා ඕන කෙනෙකුට සංවත්සරයට එන්න පුළුවන්. මේක මේ කණ්ඩායමක සංවත්සරයක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සංවත්සර උත්සවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකරාශි කරන්න ඕන කියලා හිතනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණඩුවක් පිහිටුවන්න ඕන කියලා හිතනවා නම් අපි පක්ෂ සංවත්සරය සාර්ථක කරගෙන පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න ඕන. ඒකට අභියෝග තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ඹයේ සමහර බෙදීම් පෙන්නුම් කරනවා. අපේ දේශපාලන ඉතිහාසයට ඒක නුහුරු දෙයක් නෙවෙයි. නමුත් අපි ඒවා නැති කරගෙන පක්ෂය ඒකරාශි කරගෙන යන්න ඕනි"යි පැවසීය.

Related