එල්ටීටීඊ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ නඩු

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ වවුනියාව අධිකරණයේ නඩු පවරා ඇති බව වාර්ත...

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ වවුනියාව අධිකරණයේ නඩු පවරා ඇති බව වාර්තා වෙනවා. මෙම නඩුව 10 වෙනිදා පැවැත්වෙන බැවින් ඊට පැමිණෙන ලෙස දයා මාස්ටර් වෙත 8 දා සිතාසි ලැබී ඇත.

මීට පෙරද දයා මාස්ටර්ට හා ජෝර්ජ් මාස්ටර්ට නඩු පවරා තිබූ අතර එම නඩු සම්බන්ධයෙන් ඔවුන් නිවැරදි කරුවන් වූ නිසා නිදොස් කොට නිදහස් කරණ ලදී.

දයා මාස්ටර් ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ අතර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ හිතවත්කම මත ඔහු එම සංවිධානයට එක්ව මුලින්ම භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළේය.

අනතුරුව එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරියා වශයෙන් කලක් කටයුතු කොට අවසානයේදී මාධ්‍ය ප්‍රකාශකයා බවට පත් විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2356239137479630710

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item