මාධ්‍යවේදියාට කළුතරදී වෙඩි
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදියකු වන සරත් සිරිවර්ධන ඊයේ (22) දහවල් තම යතුරුපැදියෙන් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි අයකු වෙඩි ප්‍රහා...

https://www.sathhanda.com/2016/08/blog-post_568.html
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදියකු වන සරත් සිරිවර්ධන ඊයේ (22) දහවල් තම යතුරුපැදියෙන් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි අයකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.
ඔහු කළුතර පලාතොට හංදිය පසුකර පන්විල දෙසට යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක සිටි අයකු පසුපස වීදුරුව පහත් කර පිස්තෝලයක් පිටතට දමා තමාට වෙඩි තැබූ බව ඔහු කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
වෙඩි පහර ඔහුට වැදී නැති අතර ඔහු පැමිණි දෙසටම වේගයෙන් යතුරුපැදිය ධාවනය කොට දිවි ගලවාගෙන ඇත.
සිද්ධිය වූ සැණින් කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, අපරාධ අංශයේ ස්ථානාධිපති ලක්ෂිත වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් එතැනට පැමිණ සරත් සිරිවර්ධනව ආරක්ෂිතව පොලිසියට කැඳවාගෙන ගොස් ඇත.

Related