ශ්‍රි ලංකාවේ මුල් වරට ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුවක්

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් “වඩා හොඳින් ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කරමු“ යන තේ...

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් “වඩා හොඳින් ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කරමු“ යන තේමාව යටතේ මුල් වරට සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව සඳහා සම සංවිධායකත්වය Huawei විසින් දරනු ලැබීය. මෙම සමුළුවේදී බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයට අදාල කරුණු පිළිබඳව සංවාදයට ලක් කෙරෙනු අතර මේ සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති තීරකයින්, දේශිය මෙහෙයුම් කරුවන්, සේවා සැපයුම්කරුවන්, සහ ක්ෂේත්‍රයේ කොටස්කරුවන් එක්වූහ. මෙහිදී ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීටමට අදාල කරුණු පිලිබඳව සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම සමුළුවේදී විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ නිලධාරීන්, විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්, Huawei ප්‍රධානීන්, ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නන්, සහ Ovum, iFlix ආදී ආයතන වල නියෝජිතයින් මෙන්ම දේශීය ප්‍රමුඛ පෙලේ විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් රැසක් එක්ව සිටියහ.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම අවස්ථාවට පැමිණ සිටි අමාත්‍යංශ නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පිළිගනිමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ලෝකය අතර ඩිජිටල් සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහා වන මාවත සකසා ගැනීමට මෙම සමුළුව මහඟු පිටුබලයක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ගතවූ වසර කිහිපය තුළ මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණ බවයි. ලෝකයේ බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රය තුළ ද දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධනය වේගවත් කිරීමට උපකාරී වනු ඇති බවයි.

Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි වැන්ග් ෂුන්ලි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹා වසර 10 සමරන සිය සමාගම මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා උපරිම සහයෝගය දක්වන බවයි. “Huawei සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කලේ 2005 දී ය.අනිකුත් දේශිය සේවා සපයන්නන් හා එක්ව දකුණු ආසියාවේ වේගයෙන් ව්‍යාප්ත වෙන වෙළඳපළක ඉලක්ක සපුරා ගැනීමට අපිට හැකියාව ලැබුණා. වර්ෂ 10ක් තුළ CAGR හි 17.3% ක් සහ 44.4%ක ජංගම සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් අංශයේ වර්ධනයක් සමඟ අද වනවිට මිලියන 15 ක ශ්‍රී ලාංකිකයින් වෙත සේවා සැපයීමට අපිට හැකියාව ලැබී තිබෙනවා.“ විශේෂයෙන් බ්‍රෝඩ්බෑන්ඩ් අවකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන අගනා අවස්ථාවට සම්බන්ධ වීමට ලැබුණු අවස්ථාව පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ මහතා සඳහන් කළේය. සමස්ථ ශ්‍රී ලංකාවම ඩිජිටල් වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා රජය දරන උත්සාහය අගය කරන බවත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඒකාබද්ධ වීම මගින් එම උත්සාහය සාර්ථක ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සැපයුම්කරු වශයෙන් Huawei මෙම ක්‍රියාවලිය සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම දේශීය කුසලතා නැංවීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහ දැක්වීමට සිය සමාගම සූදානම් බව ද වැන්ග් ෂුන්ලි මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලාංකේය සමාජය ඩිජිටල් කරණයෙන් සවිබලගැන්වීම සඳහා මේ වනවිට කටයුතු සැලසුම් කරමින් සිටින අතර ස්ථාවර ශක්තිමත් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක අවශ්‍යතාව මේ වනවිට වැදගත් වී තිබේ. Ovum හි සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සංඛ්‍යාව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය රටවල ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සංඛ්‍යාවට අනුව ඉහළ අගයක් ගෙන ඇත. රටවල් 10 ක් පිළිබඳ Ovum සමීක්ෂණය කර ඇති අතර බන් රටවල් 5ක් ශ්‍රේණිගත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව, මලයාසියාව, තායිලන්තය, වියට්නාමය ආදී රටවල් මෙන් නැගී එන බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපළක් සහිත රටක් ලෙස දක්වා තිබේ. DSL සහ FTTH පහසුකම් සඳහා වැඩි ඉල්ලුමත් පවතින අතර ස්ථාවර ගෘහාශ්‍රිත බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සම්බන්ධයෙන් ඇත්තේ අඩු උනන්දුවකි. 2015 වසර වනවිට DSL පහසුකම් සඳහා ඉල්ලුම 10.3% ක් ලෙස වර්ධනය වී තිබේ. අඩු ගෘහාශ්‍රිත භාවිතාවක් සහ ඉහළ FTTH වෙළද පල තත්වයත් නිසා සමස්තයක් ලෙස ඩවුන්ලෝඩ් කිරීමේ වේගය අවම වී තිබේ.

මෙරට ජනතාව ලෝකය හා ඩිජිටල් පහසුකම් ඔස්සේ යාකරන්නේ කෙසේද සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා වල වර්ධනයන් පිළබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය. මේ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්, විශේෂඥයින්, රජයේ ආයතන එක්ව සිටි අතර මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධන ක්‍රමෝපාය විධිමත් ලෙස සැකසීම සහ නියාමන ප්‍රතිපත්ති වර්ධනය කිරීම, මෙන්ම අන්තර් අමාත්‍යංශ මට්ටමින් ක්ෂේත්‍රයේ අනිකුත් පෞද්ගලික සමාගම් අතර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම යනාදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 905465759605497820

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item