තිලකරත්න ඩිල්ෂාන් අද එක්දින පිටියට සමුදෙයි
1990 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව මේ වන තෙක් ක්‍රීඩා කළ අවසන් ක්‍රීඩකයා වන තිලකරත්න ඩිල්ෂාන් අද(28) සිය එක්දින ජාත්...

https://www.sathhanda.com/2016/08/blog-post_951.html
1990 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව මේ වන තෙක් ක්‍රීඩා කළ අවසන් ක්‍රීඩකයා වන තිලකරත්න ඩිල්ෂාන් අද(28) සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතය.
අද පස්වරුවේ ඔස්ට්‍රේලියාව සමග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරගයයි.
1999 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 329කට සහභාගී වී ලකුණු 10,248ක් රැස්කරගෙන සිටියි.
ඊට ශතක 22 ක් සහ අර්ධ ශතක 47 ක් ඇතුළත්ය.
ඩිල්ෂාන් එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් අතර 11 වන ස්ථානයේ පසුවෙයි.
පන්දු යැවීමෙන් කඩුලු 106ක් දවා ගෙන ඇති ඩිල්ෂාන් පන්දු රැකීමෙන් ද විශේෂ දක්ෂතා දක්වන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියි.
හිසට ඉහළින් එන පන්දුවට පහර දෙමින් අමුතුම ආකාරයේ පහරක් එල්ල කරමින් ක්‍රිකට් පොතට ඩිල්ස්කූප් යන නම එක් කිරීමට ද ටී.එම් ඩිල්ෂාන් සමත් වුණි.
ටී.එම් ඩිල්ෂාන්ගේ සමුගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර ඔහුට ගෞරවයක් වශයෙන් අද තරගය ජයගැනීම අපේක්ෂාව බව නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කර ඇත.

Related