C.S.N මිලියන 157ක් - බැසිල්ගේ ඉඩම් 2ක් රජයට පවරා ගන්නවා - අමාත්‍ය රාජිත සේනාරත්න

C.S.N නාලිකාවට නීති විරෝධීව ආයෝජනය කළ තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන...

C.S.N නාලිකාවට නීති විරෝධීව ආයෝජනය කළ තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද දිනයේ අවසර ලැබුණු බව සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අද කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයිති බව පැවසෙන කඩුවෙල සහ මාතර බ්‍රවුන්සිල් හි පිහිටි ඉඩම් ද රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව කඩුවෙල ඉඩමේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයක්ද මාතර ඉඩමේ සංචාරක පුහුණු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ගුවන් හමුදාව සඳහා අලුතින් ප්‍රහාරක යානා 8ක් මිලදී ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව එහිදී සමකැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  කියා සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානා බලගණවල සාමාන්‍ය ආයු කාලය ඉක්මවා යෑමත්, ඒවා සීඝ්‍රයෙන් භාවිතා කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමත් හේතුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ‍ යෝජනාවකට එලෙස අනුමැතිය හිමිව ඇත.

එසේම අමෙරිකානු ඩොලර් 300,000ට වඩා ප්‍රේක්ෂණය කරනු ලබන විදේශිකයින්ට වසර 10ක නේවාසික වීසා ලබාදෙන විශේෂ තැන්පත් ගිණුම් පනතකට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ යටතේ අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් වසර 10ක් තුළ විදේශ තැන්පත් ගිණුමේ පවත්වාගෙන යාම අනිවාර්ය වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1983442301098955456

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item