නිවාස දස ලක්ෂයක සුර්ය විදුලි බලාගාර ඇති කරනවා - ඇමති රංජිත් සියඹලාපිටිය

  "ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන, සූර්ය බලශක්ති සංග‍්‍රාමය අපි ආරම්භ කරනවා....

 
"ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන, සූර්ය බලශක්ති සංග‍්‍රාමය අපි ආරම්භ කරනවා. මේ යටතේ අපි විවිධ ක‍්‍රමවේදයන් 03 ක් යටතේ විවිධ ආර්ථික තත්ත්වයන් දරන නිවාස හිමියන්ට ගැලපෙන පරිදි සකස් කරනවා. තමන්ගේ නිවසේ සූර්ය බලශක්ති පැනලයක් සවිකරගෙන, තමන්ට පරිභෝජනයට අවශ්‍ය විදුලියත් ලබාගෙන අතිරික්ත විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට සපයාදීලා, ඒ තුළින් අමතර ආදායම් මාර්ගයක් සකසාගන්නා ක‍්‍රමයක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ සවිස්තර වාර්ථාවක් ඇතුළත් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන්න අපි සූදානම්. ඒ අනුව ඉදිරි සති 02 ඇතුලත අතිගරු ජනපතිතුමා අතින් මෙම ව්‍යාපෘතිය ජාතික ව්‍යාපෘතියක් හැටියට හඳුන්වා දෙන්න මේ වනවිට සියලූ කටයුතු සුදානම්" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පැවසීය.

ඒ මහතා මේ අදහස් පළකළේ අද (10) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ නිල සාකච්ඡුාවකට එක්වෙමිනි. ශ‍්‍රී ලංකාවේ දැනට ස්ථාපිත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකුුකරුවන් සහභාගීවූ මෙම රැුස්විම සංවිධානය කර තිබුණේ, අවශ්‍ය විදුලි පාරිභෝගිකයන් වෙත සූර්ය පැනල ලබාදීමේදී ඒ සඳහා සහන ණය ක‍්‍රමයක් හඳුන්වාදීමේ අරමුණෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4676007136610254759

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item