මෙරට ප්‍රතිරූපය නන්වන්න යහපාලන රජයත් ඇමෙරිකානු සමාගම් වලට සල්ලි දීලා
මෙරට ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචාරක ආයතනයක් (Sandler, Travis and Rosenberg (ST&R) වෙත මු...

https://www.sathhanda.com/2016/08/yahapalanaya-america.html
මෙරට ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචාරක ආයතනයක් (Sandler, Travis and Rosenberg (ST&R) වෙත මුදල් ගෙවා සේවය ලබා ගැනීමට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. ආර්ථික සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් වන පිවිසුම වැඩිකිරීම සහ නොමැති සාම ක්‍රියාවලියක් (Non existent peace process) පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම අදාළ ප්‍රචාරක සමාගමට පවරා ඇති මූලික කාර්යය භාරයන් තුන වනවා.
අමෙරිකානු අභ්‍යන්තර නීතියට අනුව විදේශීය රටක් සඳහා සේවා සැපයීමේදී එරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක ඒජන්සි ආයතනයක් වෙත (Foreign Agents Registration Act (FARA) ඒ පිළිබඳව දැනුම් දිය යුතුයි. එම නිල දැනුම්දීමට අනුව අදාළ සමාගම දක්වා තිබෙන්නේ, සිය සේවාදායකයා ශ්‍රී ලංකාවේ “සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයයි”. එහෙත් පුද්ගල නමක් එහි සඳහන් වී නැහැ. එහි වෙබ් අඩවියේ එය සඳහන් වී ඇති අකාරය මෙතනින් බලා ගත හැක.
අමෙරිකානු අභ්‍යන්තර නීතියට අනුව විදේශීය රටක් සඳහා සේවා සැපයීමේදී එරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක ඒජන්සි ආයතනයක් වෙත (Foreign Agents Registration Act (FARA) ඒ පිළිබඳව දැනුම් දිය යුතුයි. එම නිල දැනුම්දීමට අනුව අදාළ සමාගම දක්වා තිබෙන්නේ, සිය සේවාදායකයා ශ්‍රී ලංකාවේ “සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයයි”. එහෙත් පුද්ගල නමක් එහි සඳහන් වී නැහැ. එහි වෙබ් අඩවියේ එය සඳහන් වී ඇති අකාරය මෙතනින් බලා ගත හැක.
මලික් සමරවික්‍රම අමාත්‍ය ධූරය දරණ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය හරහා මෙම ගිවිසුම සහ ගනුදෙනුව සිදු වන බවත් වාර්තා වෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සජින් වාස් ගුණවර්ධනට සහ හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් යන දෙදෙනාටද මෙවැනි විදේශ සමාගම්වල සේවය ලබා ගැනීම සහා ඒවාට අධික මිලක් ගෙවන්නට සිදුවීම සම්බන්ධයෙන් පසුගිය සමයේ දැඩි චෝදනා එල්ලවුණා. එවකට විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුවේ බොහෝ පිරිස් මෙවැනි සේවා සඳහා විදේශීය රටවල ප්‍රවර්ධන ඒජන්සිවලට මුදල් ගෙවීම දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කරමින් පසුගිය මැතිවරණ සමයේ දැඩි වෙවෙචන එල්ල කල උදවියම එයම නැවත කිරීම හාස්‍යට කරුණකි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස්වීම තුළ බටහිර හා යුරෝපීය රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති අතීත මතය වෙනස් කර නොමැති බව පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද ප්‍රකාශ කළා. වර්තමාන ආණ්ඩුව විශේෂයෙන් ඇමරිකාව සමග ඉතා සුහද සමීප සම්බන්ධතාවයක් පවත්වන බවට මාධ්‍ය සංදර්ශන කරන ආණ්ඩුව මේ ආකාරයෙන් අමෙරිකාවේ ප්‍රවර්ධන ආයතනයකට මුදල් ගෙවීම හාස්‍ය ජනක බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ. වර්තමාන ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තබා විදේශ ආයෝජන මෙරටට පැමිණීමට දැඩි කැමැත්තක් ප්‍රකාශ කර ඇතැයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශ සත්‍ය නම් රටට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ප්‍රවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට වෙනත් රටක ඒජන්සියක සහය පතන්නේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂය වැඩි දුරටත් ප්‍රශ්න කරනවා.
Related