වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 2.6 ක් දක්‌වා අඩුවේ
මේ වසරේ (2016) දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 2.6 ක් දක්‌වා සැලකිය යුතු ලෙස අඩුවී ඇත. අයහපත් කාලගුණික තත්ත්වය දෙවන කාර්තුවේදී ආ...

https://www.sathhanda.com/2016/09/26.html
මේ වසරේ (2016) දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 2.6 ක් දක්‌වා සැලකිය යුතු ලෙස අඩුවී ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය දෙවන කාර්තුවේදී ආර්ථිකය කෙරෙහි බලපෑමක් ඇති කොට ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව කෘෂිකර්ම අංශයේ වර්ධනය 5.6 කින් පසුබෑමට ලක්‌ව තිබේ. ආර්ථිකයේ සෙසු ප්‍රධාන අංශ දෙක වන සේවා අංශය සියයට 4.9 කින් සහ කර්මාන්ත අංශය සියයට 2.2 කින්ද දෙවන කාර්තුවේදී වර්ධනය වී තිබේ.
දෙවැනි කාර්තුවේදී වාර්තා වූ මුළු දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය රු. කෝටි 213024 ක් බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Related