මේජර් විමල් වික්‍රමගේ අරමුදලට දැන් රු. දසලක්‍ෂයක් එකතුවෙලා
රණවිරු මේජර් විමල් වික්‍රමගේ අරමුදල සඳහා මේ වන විට රුපියල් දසලක්‍ෂයක පමණ මුදලක් එකතුවී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්...

https://www.sathhanda.com/2016/09/blog-post_443.html
රණවිරු මේජර් විමල් වික්‍රමගේ අරමුදල සඳහා මේ වන විට රුපියල් දසලක්‍ෂයක පමණ මුදලක් එකතුවී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඉදිරි දෙසතිය තුළ රුපියල් ලක්‍ෂ 20 ක මුදල සම්පූර්ණයෙන්ම එකතු කළ හැකි වනු ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
එකතු කරන සෑම මුදලක්‌ම දිනපතාම එම රණවිරුවාගේ නමින් බණ්‌ඩාරගම මහජන බැංකුවේ ආරම්භ කර ඇති ගිණුමට බැර කරන බවද මන්ත්‍රීවරයා කීවේය.
මේ සඳහා ආධාර කිරීමට පොදු මහජනාතව තුළ විශාල උනන්දුවක් ඇතිවී තිබෙන බවද ඉදිරි දිනවල කොළඹින් පිට පළාත්වලින්ද ආධාර එකතු කරන බවද මන්ත්‍රීවරයා කීවේය. එසේම ජපානය, කොරියාව සහ ප්‍රංශය යන රවටල සිටින ශ්‍රී ලාංකිකයන්ද මේ සඳහා ආධාර ලබාදීමට ඉදිරිපත්ව ඇති බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.
Related