4ක් මරුට-17ක් රෝහලට

පොතුහැර, දම්බොක්ක, රඹුක්කන මාර්ගයේ මතව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු සහ තරුණයෙකු මියගොස් තිබේ. ත්‍රීරෝද රථයක් සහ ලොරි රථය...

පොතුහැර, දම්බොක්ක, රඹුක්කන මාර්ගයේ මතව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු සහ තරුණයෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු සහ ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුද්දක් සහ අවුරුදු 10ක් වයසැති ළමුන් දෙදෙනෙකු වන අතර මියගිය රියදුරු 28 හැවිරිදි අයෙක් බව පොලීසිය පැවසුවේය.

අනතුර සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

මේ අතර බදුල්ල - පස්සර මාර්ගයේ බදුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසලදී සිදු වූ රිය අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලික මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මේ අතර හලාවත - පුත්තලම මාර්ගයේ, ආනවිළුන්දාව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වෑන් රථයක් පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පාපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ නල්ලදරන්කට්ටුව, සමගිතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙකි.

අනතුරට සම්බන්ධ වෑන් රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8522952168328372072

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item