ශ්‍රීලනිප පාක්ෂිකයින් පක්ෂය ගැන කලකිරිලා

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට පක්ෂය පිළිබඳ කලකිරීමක් ඇති වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ සිටින ප්‍රබලයින් ...

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට පක්ෂය පිළිබඳ කලකිරීමක් ඇති වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ සිටින ප්‍රබලයින් සංවිධායක ධූරවලින් ඉවත් කිරීම ඊට හේතු වී ඇති බවයි.

මලයාසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර රට රැක ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට වුවද සිදු විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටට වඩා වැදගත් තවත් කිසිවක් නොමැති බවයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7020645956621468384

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item