වැලිපැන්න යුධ පිටියක් වේ - 4ක් පැමිණ වෙඩි තබයි - අයෙක් මරුට තිදෙනෙක් රෝහලට

වැලිපැන්නේ නිවෙසක සිදු වු වෙඩිතැබීමකින් 38 කාන්තාවක මියගොස් තුවාල ලැබූ තිදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් බව පොලිසිය කියයි.  ඊයේ රාත්‍...

වැලිපැන්නේ නිවෙසක සිදු වු වෙඩිතැබීමකින් 38 කාන්තාවක මියගොස් තුවාල ලැබූ තිදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් බව පොලිසිය කියයි. 

ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක පළ වනවා.

මෙම වෙඩි තැබීමෙන් 36 හැවිරිදි කාන්තාවක් මියගිය අතර තුන් හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් ප්‍රතිකාර ලබන්නේ කළුතර නාගොඩ රෝහලේයි.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකර ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී තිඛෙනවා.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ බලපිටියේ සුජී නමැති පාතාල කල්ලි සාමාජිකයා විසින් බවටයි සැකකෙරෙන්නේ.

ඔහුගේ ඉලක්කය වී ඇත්තේ තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු බව බලපිටියේ සංජීව නැමැත්තෙක්.

කෙසේ වෙතත් වෙඩි වැදී මියගොස් ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි කාන්තාවක්.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ බලපිටියේ සංජීව නමැති පාතාල කල්ලි සාමාජිකයා නිවසේ නොසිටි බව විමර්ශනවලදී අනාවරණ වී තිඛෙනවා.

බලපිටියේ සංජීව නමැති මෙම පුද්ගලයා කලක් බලපිටිය ප්‍රදේශයේ වාසය කර පසුව වැලිපැන්න ප්‍රදේශයට පැමිණි අයෙක්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3240067499638550367

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item