වසර 7 ක්‌ තිස්‌සේ කාන්තාවක්‌ කළ වැඩක්‌ හෙළිවෙයි පිරිමින් ලැඟුම්හල්වලට රැගෙන ගොස්‌ පෙති පොවා සුද්ද කරලා

වසර හතක්‌ තිස්‌සේ පිරිමින් රවටමින් ඔවුන් සමඟ මිතුරු වී ලැඟුම්හල්වලට රැගෙන ගොස්‌ ඔවුන්ගේ මුදල් ඇතුළු සියලු දැ කොල්ලකෑමට පුරුදුව සිටි කාන්ත...

වසර හතක්‌ තිස්‌සේ පිරිමින් රවටමින් ඔවුන් සමඟ මිතුරු වී ලැඟුම්හල්වලට රැගෙන ගොස්‌ ඔවුන්ගේ මුදල් ඇතුළු සියලු දැ කොල්ලකෑමට පුරුදුව සිටි කාන්තාවක්‌ මීරිගම පොලිසිය මඟින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව පිරිමින් සමඟ පළමුව මිතුරුකමක්‌ ඇතිකර ගන්නා අතර පසුව යහන්ගතවීම සඳහා ලැඟුම්හලකට යැම සඳහා ඔවුන්ට ආරාධනා කරයි. එහිදී ඇය යම් පෙති වර්ගයක්‌ ඔවුන්ට ලබා දෙනු ලබන අතර ඇය පවසන්නේ එම පෙති බීමෙන් පසුව යම් ශක්‌තියක්‌ වර්ධනය වන බවයි. කෙසේ නමුත් මෙම පෙති ලබා ගැනීමෙන් පසු පිරිමියාට නින්ද යන බව මෙම කාන්තාවට හසුවූ පිරිමින් පොලිසියට පවසා ඇත. 

නින්දයැමෙන් පසුව තමන් සන්තකයේ තිබූ සියලු මුදල් සහ වටිනා කියන සැමදේම ඇය විසින් කොල්ලකා පලා යන බව ඔවුහු සඳහන් කරති. වසර හතක්‌ තිස්‌සේ මෙම කාන්තාව මෙම කටයුත්ත සිදුකරගෙන ගොස්‌ ඇති අතර 

මේ සඳහා ඇයගේ ස්‌වාමීපුරාෂයාද ඇයට සහය වී ඇත. නිට්‌ටඹුව ප්‍රදේශයේ ආපනශාලාවක සවි කර තිබූ සී. සී. ටී. වී කැමරාවක ඇය පිරිමියකු සමඟ සංවාදයේ යෙදෙන අයුරු සටහන්ව ඇත. පසුව එම රූප රාමු පොලිසිය විසින් ලබාගෙන මීරිගම, හකුරුකුඹුර ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්‌ථාවේදීද කොල්ල කෑ භාණ්‌ඩ රාශියක්‌ ඇය සන්තකයේ තිබී පොලිසියට හමුවී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2858551686227735408

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item