හිලරි - ට්‍රම්ප් ගැටුමට උණුසුම් ප්‍රතිචාර ලැබේ

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අතර ප්‍රථම රූපවාහිනී විවාදය අතිශය තියුණු මුහුණු...

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අතර ප්‍රථම රූපවාහිනී විවාදය අතිශය තියුණු මුහුණුවරක් ගත් බව විදෙස් වාර්තා පවසයි.

එළැඹෙන නොවැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිතව ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කෙරෙන විවාද මාලාවේ පළමු වැන්නේදී අපේක්ෂකයන් දෙදෙනාම එකිනෙකාට චෝදනා කරගන්නා ස්වරූපයක් දැකගත හැකි වී තිබේ.

විනාඩි 90ක කාලයක් පැවති මෙම විවාදය නිව්යෝක් නුරවර, හෙම්ප්ස්ටෙඩ් හි හොෆ්ස්ට්‍රා විශ්වවිද්‍යාල ශාලාවේදී පැවැත්විණි.

වර්ගවාදය, බදු, ලිංගිකත්වය, ඉමේල් පණිවුඩ, ඉරාකය, ඉස්ලාම් රාජ්‍යය යන ප්‍රධාන මාතෘකා මෙහිදී විවාදයට බඳුන් වූ අතර, රූපවාහිනී ඉතිහාසයේ මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ විවාදය ලෙසටද එය ඉතිහාසයට එක්ව තිබුණි.

මීට අමතරව, ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ අතිශය උණුසුම්ම විවාදය පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් පණිවුඩ ලක්ෂ පණහක් නිකුත් වී ඇති බවත්, ඉන් 60%කට ආසන්න ප්‍රමණයක් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ පණිවුඩ බවත් විදෙස් වාර්තා පවසයි.

මෙම විවාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අභිභවමින් හිලරි ක්ලින්ටන් තරමක් ඉදිරියට පැමිණි බව කියවුණත්, ඉදිරියේදී පැවැත්වෙන විවාදයන් තියුණු තරගයක් ලබාදෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8716414678774097810

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item